Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • දේශපාලන

අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

Misleading
Misleading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ තන්ති රූපවාහිනී (thanthi TV) නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි.

by Anonymous |

නොවැම්බර් 13, 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ තන්ති රූපවාහිනී (thanthi TV) නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි.

මෙහිදී නාමල් රාජපක්ෂ විසින් ඉකුත් අරගල සමය පිළිබද සිය අදහස් ප්‍රකාශ කර තිබිණි.

එම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් වූ දැන්වීමක් තන්ති රූපවාහිනී නාලිකාව විසින් සිය නිල ට්විටර් පිටුවේ පළ කර තිබුණේ “තාත්තා රටින් පැන යාම වැරදියි” යන ශීර්ෂ පාඨයෙනි.

මෙම දැන්වීම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වන බව Factseeker නිරීක්ෂණය කළ අතර, රට හැර ගියේ නාමල්ගේ පියා වන මහින්ද රාජපක්ෂ ද යන්න එහිදී බොහෝ දෙනා ප්‍රශ්න මතු කර තිබිණි.

නමුත් thanthi TV නිල ට්විටර් පිටුවේ සදහන් කර තිබුණේ, “බාප්පා රටින් පැන යාම වැරදියි.” යනුවෙන් දැන්වීමක් පළ කර ඇති බවයි. ඔහු බාප්පා යනුවෙන් සදහන් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යි.

එසේ වුව ද සමාජ මාධ්‍යවල මෙම දැන්වීම ප්‍රචාරය කර තිබුණේ “තාත්තා රටින් පැන යාම වැරදි” බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.

තන්ති රූපවාහිනී නාලිකාව මුලින් හුවමාරු කර ගත් දැන්වීමේ සදහන් කර තිබුණේ, ඒ අවස්ථාවේ තාත්තා රටින් පැන යාම වැරදි බව නාමල් රාජපක්ෂ පැවැසූ බව යි. පසුව තාන්ති රූපවාහිනී නාලිකාව බාප්පා රටින් පැන යාම වැරදි බවට නාමල් රාජපක්ෂ පැවැසුවේ ය යනුවෙන් පසුව වෙනස් කර ඇති බව Factseeker තහවුරු කරයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ thanthi TVට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවද මෙහි අමුණා ඇත.https://www.thanthitv.com/News/Politics/if-bjp-wins-in-tamil-rajapakshe-will-win-in-north-exclusive-interview-with-namal-rajapaksa-218500?infinitescroll=1

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ගෝඨාභය රාජපක්ෂගේ මසක වියදම රුපියල් දහ තුන් ලක්ෂයක්

නොවැම්බර් 14, 2023

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

නොවැම්බර් 14, 2023

මන්ත්‍රී අසංක නවරත්න සජිත් පිලට ගියාද?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection