අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ තන්ති රූපවාහිනී (thanthi TV) නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි.
by Anonymous |
නොවැම්බර් 13, 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ තන්ති රූපවාහිනී (thanthi TV) නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි.
මෙහිදී නාමල් රාජපක්ෂ විසින් ඉකුත් අරගල සමය පිළිබද සිය අදහස් ප්‍රකාශ කර තිබිණි.
එම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් වූ දැන්වීමක් තන්ති රූපවාහිනී නාලිකාව විසින් සිය නිල ට්විටර් පිටුවේ පළ කර තිබුණේ “තාත්තා රටින් පැන යාම වැරදියි” යන ශීර්ෂ පාඨයෙනි.
මෙම දැන්වීම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වන බව Factseeker නිරීක්ෂණය කළ අතර, රට හැර ගියේ නාමල්ගේ පියා වන මහින්ද රාජපක්ෂ ද යන්න එහිදී බොහෝ දෙනා ප්‍රශ්න මතු කර තිබිණි.
නමුත් thanthi TV නිල ට්විටර් පිටුවේ සදහන් කර තිබුණේ, “බාප්පා රටින් පැන යාම වැරදියි.” යනුවෙන් දැන්වීමක් පළ කර ඇති බවයි. ඔහු බාප්පා යනුවෙන් සදහන් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යි.
එසේ වුව ද සමාජ මාධ්‍යවල මෙම දැන්වීම ප්‍රචාරය කර තිබුණේ “තාත්තා රටින් පැන යාම වැරදි” බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.
තන්ති රූපවාහිනී නාලිකාව මුලින් හුවමාරු කර ගත් දැන්වීමේ සදහන් කර තිබුණේ, ඒ අවස්ථාවේ තාත්තා රටින් පැන යාම වැරදි බව නාමල් රාජපක්ෂ පැවැසූ බව යි. පසුව තාන්ති රූපවාහිනී නාලිකාව බාප්පා රටින් පැන යාම වැරදි බවට නාමල් රාජපක්ෂ පැවැසුවේ ය යනුවෙන් පසුව වෙනස් කර ඇති බව Factseeker තහවුරු කරයි.
එමෙන්ම නාමල් රාජපක්ෂ thanthi TVට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවද මෙහි අමුණා ඇත.https://www.thanthitv.com/News/Politics/if-bjp-wins-in-tamil-rajapakshe-will-win-in-north-exclusive-interview-with-namal-rajapaksa-218500?infinitescroll=1