Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #PartiallyFalse

අමාත්‍යාංශ වැයශීර්ෂ ගැන හිරු ප්‍රවෘත්ති හා පුබුදු ජයගොඩ පටලවයි

Partially factual
Partially factual

වත්මන් ආණ්ඩුව මෙවර අය - වැයෙන් අධ්‍යාපනය සඳහා වැය කර ඇත්තේ, රුපියල් බිලියන 65ක මුදලක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසූ බව අද (17) හිරු TV මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සඳහන් විය.

by Anonymous |

පෙබරවාරි 17, 2025

මෙවර අය – වැයෙන් මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 300කට අධික මුදලක් වැය කර ඇති බව පුබුදු ජයගොඩගේ ප්‍රකාශය , හිරු ප්‍රවෘත්ති නාලිකාව හා  අද (17) දින ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කථාවේ සඳහන් වූ සංඛ්‍යා සමග පරස්පරතා පැවැතිණි.

ඒ හේතුවෙන් එහි කරුණු පරීක්ෂා කිරීමට FactSeeker තීරණය කළේය.

ඒ අනුව එම ප්‍රවෘත්ති ආවරණය අපි පරීක්ෂා කළෙමු.

එහිදී පුබුදු ජයගොඩ ප්‍රකාශ කරන්නේ, වත්මන් ආණ්ඩුව 2025 විසර්ජන පනත් කෙටුම්පත මගින් මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 389 ක් වෙන් කර තිබියදී, පාසැල් 10 000 ක්, විශ්ව විද්‍යාල 18 ක්, කාර්මික විද්‍යාල හා කෘෂි විද්‍යාල සිය ගණනක් සහිත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට ම ප්‍රාග්ධන වියදම් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 65 ක් පමණක් බවයි.

මෙහිදී පැහැදිලිව නිරීක්ෂණය වන කරුණක් නම්, පුබුදු ජයගොඩගේ ප්‍රකාශය හිරු ප්‍රවෘත්ති ආවරණයේ පූර්විකාව(intro) හා  සිරස්තලය(caption) තුළ ඉදිරිපත් කරන ආකාරය වැරදි බවයි.

හිරු ප්‍රවෘත්ති විකාශය මෙතැනින් – https://www.youtube.com/live/nMmlblLrRis?t=1277s

ඔහු එහිදී  තවදුරටත් ප්‍රකාශ කළේ,

“මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2025 සඳහා වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයට වෙන් කර තිබෙන්නේ බිලියන 2.1 යි. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට වෙන් කර තිබෙන්නේ බිලියන 0.3 යි. වී මිලට ගන්න වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 5 යි. කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 8 යි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයටම වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 5 යි. බුද්ධශාසන අමාත්‍යාංශයට තියෙනවා බිලියන 13 ක්….

… ලංකාවේ ලක්ෂ 220 ක් වන ජනතාවගේ සෞඛ්‍යයට වෙන් කර තිබෙන්නේ බිලියන 95 යි. රාජපක්ෂලා වගේමනේ. ලංකාවේ පාරවල් හදන්න නේ ප්‍රමුඛතාව දීලා ති‌යෙන්නේ. හැබැයි මර්දනයට උපරිම වෙන් කරල.2024 දි ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 423 යි වෙන් කරල තිබුණෙ. මේ පාර ඒක 442 ක් කරල.”

පුබුදු ජයගොඩගේ ප්‍රකාශයේ ද අපැහැදිලිතා පැවැති බැවින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් 2025 ජනවාරි 09 දින ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත වෙත Factseeker අවධානය යොමු කළේ ය.

මෙහිදී පුබුදු ජයගොඩ විසින් ඇතැම් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමේදී ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් දෙකම එකතු කර ප්‍රකාශ කර ඇති අතර ඇතැම් වියදම් වෙන වෙන ම ඉදිරිපත් කර ඇති බවක් පෙනීයයි.

ඒ අනුව, වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයට වෙන් කළ මුදල වශයෙන් පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ, පුනරාවර්තන වියදම පමණි. එය රුපියල බිලියන 2.1 කි. එහි ප්‍රාග්ධන වියදම වන්නේ රුපියල් බිලියන 0.4 කි. ඒ සඳහා සම්පූර්ණයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2.5 කි.

කර්මාන්ත අමාත්‍යාංශය සඳහා විසර්ජන පනත් කෙටුම්පතෙන් ප්‍රාග්ධන වියදම් සඳහා පමණක් රුපියල් බිලියන 8.6 ක් වෙන් කර ඇති අතර, පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 4.8 ක් වෙන් කර ඇත. නමුත් ඔහු එහිදී හෙළි කරන්නේ ප්‍රාග්ධන වියදම පමණි.

බුද්ධශාසන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 13 ක්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 5 ක් සහ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 442 ක් ලෙස ඔහු ප්‍රකාශ කරන දත්ත එම වැය ශීර්ෂවල පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්වල එකතුවක් වශයෙන් නිවැරදිය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 95.5 ක් විසර්ජන පනත් කෙටුම්පතෙන් ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කර ඇත. පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලයන 413 ක් වෙන් කර ඇත. පුබුදු ජයගොඩ විසින් මෙහිදී අනාවරණය කරන්නේ, ප්‍රාග්ධන වියදම් පමණි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 421 කි. ඒ යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ වැය ශීර්ෂය තුළ සංවර්ධන කටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් 389 ක් වෙන් කර ඇත.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 65 ක් වෙන් කර ඇති බව අනාවරණය විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) සිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිය මංගල අය – වැය කතාව හා පාර්ලිමේන්තුවේ සභාගත කළ අය – වැය ලේඛනය පිළිබඳව Factseeker අවධානය යොමු කළේ ය.

ඊට අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 619 ක් වෙන් කර ඇත. එහි ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 98.9 ක් වෙන් කර තිබෙන අතර, පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 520.1 ක් වෙන් කර තිබෙන බව අනාවරණය විය.

අයවැය ලේඛනයේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 483 ක් වෙන් කර ඇති අතර, එහි ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 433 ක් වෙන් කර ඇත. මෙහිදී මාර්ගවලට අදාළව ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 347.20 ක් සහ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 8.49 ක් වශයෙන් සමස්තය රුපියල් බිලියන 355.74 ක් වෙන් කර ඇත.

ඒ අනුව පුබුදු ජයගොඩ විසින් විසර්ජන කෙටුම්පතේ වැය ශීර්ෂ සම්බන්ධයෙන් සිදු කරන පැහැදිලි කිරීමේ යම් ව්‍යාකුලතා පවතින බව තහවුරු වන බැවින් එය අර්ධ සත්‍ය ප්‍රකාශයක් බව Factseeker තහවුරු කරයි.

 

 

 

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection