අම්ල වැසි ඇතිවන බවට වන ව්‍යාජ පණිවිඩයක්
රත්මලාන, අඟුලාන, ගල්කිස්ස, ලුනාව, වැල්ලවත්ත සහ කොල්ලුපිටිය යන වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව අම්ල වැසි ඇති වීමේ අවධානමක් පවතින බවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවට වන පණිවිඩයක් වට්ස්ඇප් හරහා හුවමාරු වේ.
by Anonymous |
නොවැම්බර් 14, 2023
රත්මලාන, අඟුලාන, ගල්කිස්ස, ලුනාව, වැල්ලවත්ත සහ කොල්ලුපිටිය යන වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව අම්ල වැසි ඇති වීමේ අවධානමක් පවතින බවට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවට වන පණිවිඩයක් වට්ස්ඇප් හරහා හුවමාරු වේ. ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම නිසා නිකුත් වන විෂ වායූ වැසි ජලය සමග මුසු විය හැකි බවත් එසේ වසින අම්ල වර්ෂාවට නිරාවරණය වීමෙන් මරණයට පවා පත්විය හැකි බවත් එම වට්ස් ඇප් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
උක්ත පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මියගෙන් විමසීමේදී ඇය තහවුරු කර සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව මගින් නිකුත් කල නිවේදනයක් බවට වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන පණිවිඩයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක් වීම නිසා වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව අම්ල වැසි ඇතිවීමේ කිසිඳු අවධානම් සහගත තත්ත්වයක් නොමැති බවයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවට වට්ස්ඇප් හරහා හුවමාරු වන පුවත සහමුලින්ම අසත්‍ය පුවතක් බවත් එම වට්ස්ඇප් පණිවිඩය මහජනයා නොමඟ යැවීම පිණිස බෙදාහැර ඇති බවත් අනාවරණය විය.