අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධයෙන් අගමැති හරිනි සහ පා.ම. චාමර පාර්ලිමේන්තුවේදී පැවසූ කරුණු නිවැරදි ද ?

අධ්‍යාපන අමාත්‍යංශයට දළ දේශිය නිශ්පාදනයෙන් වෙන්වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ පා.ම. චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු විවාදයේදී දැක්වූ අදහස් සම්බන්යෙන් FactSeeker අවධානය යොමු කළේය.
by Anonymous |
නොවැම්බර් 27, 2025

අයවැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අදාළව විවාදය පැවතියේ ඊයේ (25) දිනයේය. මෙවර එම අමාත්‍යංශය සදහා දළ දේශීය නිශ්පාදනයෙන් (GDP) 2.04% ක ප්‍රමාණයක් වෙන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිනි හරිනි අමරසූරිය පවසා සිටියේ වසර ගණනාවකට පසු අය – වැයකින් වෙන්වූ වැඩිම මුදල මෙය වන බවත් එම මුදල බිලියන 7.04ක් වන බවත්ය.
https://www.youtube.com/live/V8WQgBvcLtY?si=Wd8ZkUMDYnvdgZHA&t=5193

ඒ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අය – වැයෙන් වෙන්වූ වැඩිම මුදල වෙන් කිරීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් තැබූ බව යි. එමෙන්ම තමන් මහ ඇමතිව සිටි 2016 , 2017, 2018 කාලයේ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිව සිටියදී ද එම වාර්තාව අලුත් වූ බවත් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
https://www.youtube.com/live/V8WQgBvcLtY?si=NH4UwnY1VqBHS3W8&t=6267

මෙම අදහස්වල පවතින පරස්පරතාව හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා දළ දේශිය නිෂ්පාදනයෙන් මුදල් වෙන්වී ඇත්තේ කෙසේද? යන්න පිළිබදව FactSeeker සොයා බැලීය.

2015 වසරේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 2.11% ක් ලෙස පැවති ප්‍රතිශතය 2016 වසරේදී අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටියදී 3.23 %ක් දක්වා ඉහළ නංවාගෙන තිබුණි. පසුව පිළිවෙළින් 2017 – 2.59% සහ 2018 – 1.99%ක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා වෙන්වී ඇති මුදල්වල ප්‍රතිශතයන් දැක්විය හැක.
ඉන් පසු මේ වන තෙක් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා ප්‍රතිශතාත්මක ලෙස ඉහළ අගයක් වාර්තා වී ඇත.
ඒ අනුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය බව තහවුරු වේ.
වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය, වසර ගණනාවකට පසු ලෙසින් සදහන් කරමින් අධ්‍යාපනය සදහා ඉහළම ප්‍රතිශතයක් වෙන්කර ඇත්තේ මේ වසරේ වන බවට පැවසීම ද සත්‍ය වේ. එසේ වන්නේ 2018 වසරෙන් පසු වසර 07 කට පසු නැවත ඉහළ අගයක් වාර්තා වන්නේ 2026 වසරේදී වන බැවින්ය. වචනාර්ථයෙන් එයද සත්‍ය බව පැහැදිළි වේ.
මෙම කරුණු අනුව පැහැදිළි වන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසන ප්‍රකාශ සත්‍ය බව FactSeeker තහවුරු කරගන්නා ලදී.