Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතිය රජය අවලංගු කළා ද?

False
False

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම, පුනරීන් සහ මන්නාරමේ ඉදි කිරීමට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

by Anonymous |

ජනවාරි 27, 2025

දිවයින ඉරිදා සංග්‍රහය මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ, “කැබිනෙට්ටුව අදානිට දොර වසයි.” යනුවෙනි. මේ අතර සිලෝන් වයර් නිව්ස් වෙබ් අඩවිය එය වාර්තා කර තිබුණේ, ශ්‍රී ලංකාව විදුලි ගනුදෙනුව අවලංගු කළ බව වාර්තා කිරීමත් සමග අදානි කොටස් පහත වැටී ඇති බවය.

එම ප්‍රවෘත්තිය මෙතැනින් – https://www.ceylonwire.lk/adani-shares-fall/

මේ අනුව මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති, රජයේ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

මේ හේතුවෙන් අදානි සමාගමේ ඉදි කිරීමට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව අවලංගු කළේ ද? යන්න පිළිබඳ ව Factseeker විමසා බැලීය.

දිවයින ඉරිදා සංග්‍රහය මෙම වැඩිදුරටත් වාර්තා කර තිබුණේ, “මෙරටට අවාසි සහගත ලෙස සහ පරිසරයට හානිදායක වන අයුරින් ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම් ද්‍රෝනියේ ඉදි කිරීමට ගිය සුළං විදුලි බලාගාරය ඉදි නොකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවයි.”

 

පැතිර යන මෙම පුවත් සම්බන්ධයෙන් අදානි සමාගම නිවේදනයක් නිකුත් කර තිබිණි.

මන්නාරම සහ පුනරීන්හි ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 484 ක සුළං විදුලි ව්‍යපෘතිය රජය අවලංගු කර ඇති බව පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

අදාළ ව්‍යාපෘතිය 2024 මැයි මාසයේදී අනුමත කර ඇති අතර එහිදී එකඟතාවට පැමිණි ගාස්තු නැවත ඇගයීමට පසුගිය ජනවාරි 02 දා පැවැති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

එම නිවේදනය මෙතැනින් – https://www.adani.com/en/Newsroom/Media-Release/media-statement-24-01-2025

අදානි සමාගම නිකුත් කළ නිවේදනය දිවයින පුවත්පත අද  (27) වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, ඇමති නලින්ද ජයතිස්ස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, අදාළ සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණයක් ගෙන නැති බවය. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් ගොනු කර ඇති අතර එම නඩු ඉදිරි මැයි මාසයේදී විභාගයට ගැනීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව රජය සමාලෝචයක් කිරීමට තීන්දු කළ අතර ඒ සඳහා කමිටුවක් ද පත් කළ බව නලින්ද ජයතිස්ස පැවැසීය.

එම වීඩියෝව මෙතැනින් – https://www.vishmithacloud.com/s-UoscfNrM

ඒ අනුව අදානි සමාගමේ මන්නාරම් හා පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කළ බව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection