Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අගමැති හරිනිගේ වීඩියොවක්ද?

False
False

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළා.

by Anonymous |

ජූලි 29, 2025

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් Factseeker ට නිරීක්ෂණය විය.
https://www.facebook.com/reel/1459880215384981
කාන්තාවක් තැඹිලි හෝ කුරුම්බා වැනි යමක් ආහාරයට ගනිමින් සිටින ආකාරය එහි දැක්වේ. මෙම වීඩියෝව”අගමැතිටත් අමාරු කාලයක් මේක” යනුවෙන් සඳහන් කරමින් එහි සිටින්නේ අගමැතිවරිය යැයි අඟවමින් හුවමාරු කර ගෙන ඇති බව දක්නට ලැබිණි.


මෙම වීඩියෝවේ අදහස් දැක්වීම් තීරුව නිරීක්ෂණය කිරීමේදී ඇතැමුන් මෙය අගමැතිවරියගේ වීඩියෝවක් නොවන බවත් ඇතැමුන් එය සත්‍ය වීඩියෝවක් බවත් දක්වා තිබුණි.
මේ නිසා මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව Factseeker සොයා බැලීය.

ඒ අනුව මෙහි සත්‍ය වීඩියෝව සොයා ගැනීමට හැකිවිය.
මෙය Manoja Autoplus නැමැති ෆේස්බුක් ගිණුමක් හරහා පළකර ඇති බව අනාවරණය විය. එමෙන්ම තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එම වීඩියෝවේ සිටින්නේ ගිණුමේ හිමිකාරියම බව ද සනාථ විය. ඇය මනෝජා සේනානායක නැමැති අයෙකි.
මෙම වීඩියෝව 2025.04.21 වන දින Manoja Autoplus නැමැති ෆේස්බුක් ගිණුමෙ හරහා මුදාහැර තිබිණ.

https://www.facebook.com/manoja.autoplus/videos/1199143527850862


මේ අනුව මෙම වීඩියෝවේ සිටින්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නොවන බව Factseeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection