ඩයලොග් ආසියාටා සමාගමේ පැකේජ මිල ගණන් ඉහළ ගිහින් ද?

ශ්‍රී ලංකාවේ වැඩිම පාරිභෝගිකයින් සංඛ්‍යාවක් භාවිත කරන ඩයලොග් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සේවාවන් හි පැකේජ මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පෝස්ටු සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
සැප්තැම්බර් 24, 2024

මේවායේ වැඩි වශයෙන් ඩයලොග් සේවාවන් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලීම් කර තිබිණි.
මේ හේතුව නිසා ඩයලොග් ආසියාටා සමාගමේ සේවාවන් හි මිල ගණන් ඉහල ගොස් ඇති ද? යන්න පිළිබඳ FactSeeker සොයා බැලීය.
මෙසේ හුවමාරු වූ පෝස්ටුවල සඳහන් වූයේ , “Dialog Rs.547 ට තිබුණ පැකේජ් එක දැන් 797” , “අසාධාරණ ලෙස දිනෙන් දින ගාස්තු ඉහළ දමන Dialog සිම්පත භාවාතයෙන් ඉවත් වෙමු.” ආදී වශයෙනි.
අදාළ සබැඳි මෙතැනින් – https://www.facebook.com/100064481661635/posts/947899377369442/?mibextid=4MzKDw5ooBP2efJs
ඒ අනුව FactSeeker ඩයලොග් සමාගමේ ශාඛා ප්‍රධානියෙකුගෙන් මේ පිළිබඳ විමසීමක් කළෙමු. එහිදී ඔහු සඳහන් කළේ, රුපියල් 547 සහ රුපියල් 1299 පැකේජයන් තවමත් ඒ අයුරින්ම පවතින අතර අනෙකුත් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් සේවාවන් මිල ගණන් වෙනස් කර ඇති බවයි.
එමෙන්ම රුපියල් 547 පැකේජය තවදුරටත් ක්‍රියාත්මක වේ. එසේ වුව ද රුපියල් 797 ලෙස නව පැකේජයක් හඳුන්වා දී ඇත.දැනට ක්‍රියාත්මක වන රුපියල් 547 Fun Blaster ඇත්තේ Face book, Whatsapp හා You tube යන සමාජ මාධ්‍ය 03 පමණි.
අලුතින් හඳුන්වා දුන් රුපියල් 797 පැකේජයෙ හි මෙම සමාජ මාධ්‍ය 03 ට අමතරව ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය ද ඇතුළත් කර ඇත. මෙම පැකේජය සඳහා 4 GB ඩේටා සහ මිනිත්තු 100 ක කතා කාලයක් ලබා දී ඇත.අවශ්‍ය අයට මෙම පැකේජය ලබා ගත හැකි අතර රුපියල් 547 පැකේජය දැනට සක්‍රීයව ඇති අතර ඉදිරියේදී රුපියල් 547 පැකේජය අහෝසි වී යනු ඇති බව සඳහන් කළේය.
මිල ගණන් වෙනස් වීම සම්බන්ධව www.dialog.lk වෙබ් අඩවියේ සහ Dialog App වල සඳහන් ව ඇති බවත් ඒවා යාවත්කාලීන කර ඇති බවත් පැවැසීය.
මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවැසුවේ, මෙම පැකේජ ගණන් වෙනස් කර මේ වන විට සතියක් පමණ ඉක්ම ගොස් ඇති බවය.
මෙම පැකේජ මිල ගණන් වෙනස් වීම් තුළ පාරිභෝගිකයින් සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේ ය.
එසේම ඩයලොග් ආසියාටා සමාගම විසින් තම පාරිභෝගික ප්‍රජාව වෙත මෙම පැකේජ වැඩිවීම සම්බන්ධව කෙටි පණිවිඩයක් ද යොමු කර ඇත. ඇතැම් පාරිභෝගිකයින් මෙය සමාජ මාධ්‍යවල මුදාහැර තිබුණි.
ඒ අනුව සමාජ මාධ්‍යවල සඳහන් ආකාරයට පැකේජවල මිල ගණන් වෙනස් වී ඇති බව FactSeeker තහවුරු කරයි.