Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතය අකැපද?

Factual
Factual

“රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය මගින් පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය තහනම්“ බව දැක්වෙන පුවත් ගණනාවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද පළ කර තිබෙන ආකාරය FactSeeker අපගේ අවධානය යොමු විය.

by Anonymous |

අගෝස්තු 9, 2024

“අපේක්ෂක ප්‍රවර්ධනයට රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්”, “රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය මගින් පක්ෂ ප්‍රවර්ධනය තහනම්“ යන සිරස්තල සහිතව එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබෙනු FactSeeker නිරීක්ෂණය කළේය.

ඒ පිළිබද ව  FactSeeker කරනු ලැබූ කරුණු සොයා බැලීමේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 2024.07.26 දා නිකුත් කළ පහත චක්‍රලේඛය අපගේ අවධානයට යොමු විය.

එම සම්පූර්ණ චක්‍රලේඛයට අදාළ සබැඳිය –  https://elections.gov.lk/web/wp-content/uploads/circulars/general-circulars/2024/PRE_2024_05_S.pdf

“රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපල මැතිවරණ කාල සීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම/උසස් කිරීම/ මාරු කිරීම සීමා කිරීම“ යන ශීර්ෂය සහිතව එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.

එම චක්‍රලේඛයට අනුව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධරයෙකු තම පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන කිසිදු ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම වරදක් බව පෙන්වා දී තිබේ. එමෙන්ම, දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයෙකු වුවද රාජකාරී වේලාව තුළ රජයේ සම්පත් භාවිත කරමින් එවැනි ප්‍රචාරණයේ නිරත වීම වරදක් බව එයින් වැඩිදුරටත් දක්වා තිබේ.

මෙම චක්‍රලේඛයේ අදාළ රෙගුලාසිය පැනවෙන වගන්තියේ “රාජ්‍ය නිලධාරියා“ යන්න මිස “රාජ්‍ය සේවකයා“ ලෙස සදහන් කර නැත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් FactSeeker කළ විමසීමකදී ඔහු පැහැදිළි කළේ මෙම චක්‍රලේඛයේ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය යොදාගැනීම පිළිබඳ රෙගුලාසිය ‘සමස්ත රාජ්‍ය සේවකයින්’ සම්බන්ධයෙන් අදාළ නොවන බවයි. තව ද චක්‍රලේඛය තුළ සඳහන් වන “දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරීන්” යන කාණ්ඩයට මාණ්ඩලික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවයේ නිරත සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් අයත් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

FactSeeker මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ සදහන් වන්නේ කුමක්ද? යන්න පිළිබදව නිරීක්ෂණය කළෙමු. එහි  (i) වන කාණ්ඩයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම පිළිබඳ සඳහන් XXXII පරිච්ඡේදයේ “දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නොමැති නිලධරයන්“ යටතට,

  • අධිකරණ නිලධරයෙකු,
  • සන්නද්ධ සේවාවල නිලධරයෙකු,
  • පොලිස් හමුදාවේ නිලධරයෙකු සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධරයෙකු, (උදා: ග්‍රාම නිලධාරීන්)
  • (138 වැනි අධිකාරිය වන) වෘත්තිය සමිති ආඥා පනතේ 20 වැනි වගන්තියේ විග්‍රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධරයෙකු,
  • රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධරයෙකු,
  • මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (පාර්ලිමේන්තු, පළාත් පාලන ආදී) සේවයේ නියුතු නිලධරයෙකු (එහි සේවය කරන තෙක්)

අයත් වේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ 2024.07.26 අංක 5 දරණ චක්‍රලේඛය අනුව අපේක්ෂක ප්‍රවර්ධනයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන්නේ රජයේ සේවකයන්ට නොව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරීන්ට බව පැහැදිලි වෙයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection