Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ් සංක්‍රාන්තික ලිංගිකයෙක් ද?

False
False

ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලිෆ් පිළිබඳ පසුගියදා ආන්දෝලනාත්මක පුවත් රැසක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පැවතිණි. ඒ 2024 පැරිස් ඔලිම්පික් බොක්සිං තරඟයේදී විනාඩියකටත් අඩු කාලයක් තුළ ඇගේ ප්‍රතිවාදී ඉතාලි ක්‍රීඩිකාව තරඟයෙන් ඉවත්වී යාමට තරම් තියුණු තරගයක් දීම නිසා ය.

by Anonymous |

අගෝස්තු 8, 2024

ඉමානේ කෙලිෆ් යනු කවුරුන්ද?

1999 දී උපත ලද කෙලිෆ් බටහිර ඇල්ජීරීයාවේ ටියරෙට්හි ගම්බද ගම්මානයේ හැදී වැඩුනු අතර මේ වනවිට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) තානාපතිවරියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය. ඉමානේ වරක් එක්සත් ජාතින්ගේ ජත්‍යන්තර ළමා අරමුදලට වරෙක ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රදේශයේ පිරිමි ළමුන්ගේ පහරවල් නිසා වයස අවුරුදු 16 දී බොක්සිං ක්‍රීඩාවට යොමු වූ බවයි. ඇය ව්‍යායාම් ශාලාවට  යාමට අවශ්‍ය බස්ගාස්තු සපයා ගෙන ඇත්තේ පෑස්සුම්කරුවකු වන තම පියා සමඟ පරණ යකඩ සහ තම මවගේ කුස්කුස් (Couscous) විකුණමින් බව ඇයගේ UNICEF චරිතාපදානයේ සදහන් කර ඇත.

ඉමානේ කෙලිෆ් ගේ බොක්සිං ජීවිතය

ඉමානේ කෙලිෆ් ඉක්මනින් ඇල්ජීරියානු බොක්සිං සම්මේලනයේ අවධානයට ලක් වූ චරිතයකි. ඇය 2018 කාන්තා ලෝක ශූරතාවලිය සදහා තරඟ වැදුණු අතර එහිදී ඇය පළමු වටයේදීම ඉවත් වීමට සිදු විය. එහිදී ඇයට හිමි වූයේ 17 වෙනි ස්ථානය යි.

ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඇල්ජීරියාව නියෝජනය කළ අතර එහිදී ඇය අර්ධ අවසන් පූර්ව වටයේදී අයර්ලන්තයේ කෙලී හැරින්ටන් විසින් පරාජය කරන ලදී. 2022 දී, ඉමානේ කෙලිෆ්  අයර්ලන්තයේ Amy Broadhurst හමුවේ පරාජය වීමෙන් පසු කාන්තා ලෝක ශූරතාවලියේ දෙවන ස්ථානයට පත්විය. එසේම 2023 දී, දිල්ලි හි පැවති ලෝක ශූරතාවලියේ ජාත්‍යන්තර බොක්සිං සංගමයේ රන් පදක්කම දිනා ගැනීමට සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් කෙලිෆ් නුසුදුස්සකු බවට පත්වී ඇත.

ඉමානේ කෙලිෆ් සතුව පවතින ගැටළුව කුමක්ද?

ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA) විසින් ඉකුත් අගෝස්තු 05 වන දින ඉමානේ කෙලිෆ් යනු ජීව විද්‍යාත්මක පිරිමි පුද්ගලයෙකු බවට චෝදනා කළේ ය. 2022 ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් කරන ලද වර්ණ දේහ පරීක්ෂණයකදී ඉමානේ ලිංගභේද සදහා වන පරීක්ෂණයෙන් සමත් වීමට නොහැකි වී ඇත. එහිදී ඇයට පමණක් නොව තායිවානයේ ලින් යූ ටිං ට ද එම පරීක්ෂණය සමත්වීමට නොහැකි වී තිබේ. හිටපු IBA වෛද්‍ය කමිටු සභාපති Ioannis Filippatos සඳහන් කළේ, 2023 දී සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ මගින් මෙම සොයාගැනීම් තහවුරු වූ අතර, එය ඔවුන්ගේ නුසුදුස්සකු වීමට හේතු වූ බවයි. https://www.iba.sport/news/statement-made-by-the-international-boxing-association-regarding-athletes-disqualifications-in-world-boxing-championships-2023/

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී ඉමානේගේ ප්‍රතිවාදියා වූ  ඉතාලි ජාතික ඇන්ජෙලා කරීනි තත්පර 46කට පසු ක්‍රිඩාවෙන් ඉවත්වී යාම ඔලිම්පික් උළෙලේ මෙන්ම  ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්විණි. එහි දී ඉමානේගේ ලිංග භේදය පිළිබඳව ආන්දෝලනාත්මක මත ද ඉදිරිපත් විය.

ඉමානේ කෙලිෆ් යනු සංක්‍රාන්තික පුද්ගලයෙක් ද?

2023 ජූනි මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත යවන ලද IBA ලිපි හුවමාරුව අනුව, ඉන්දියාවේ දී සිදු කරන ලද ඉහත කී පරීක්ෂණයකින් සහ 2022 මැයි මාසයේදී තුර්කියේ සිදු කරන ලද පූර්ව පරීක්ෂණයකින් “බොක්සිං ක්‍රීඩිකාවගේ DNA XY වර්ණ දේහවලින් සමන්විත  බව නිගමනය විය. එසේම කෙලීෆ් ගේ ශරීර පද්ධතිය තුළ ඉහළ මට්ටමේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයක් සහිත බවද උපුටා දක්වා ඇත.

DSD යනු ලිංගික වර්ධනයේ වෙනස්කම් ය. එයට ජාන, හෝමෝන සහ ප්‍රජනක අවයව සම්බන්ධ විය හැකි නමුත් එයට ස්ත්‍රී පුරුෂ භාවයට සම්බන්ධයක් නැත. සංක්‍රාන්තික ලිංගිකයන් DSD සමඟ උපන් අය සමඟ පටලවා ගැනීම සාවද්‍ය බව ලොව විශාලතම සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ විචක්ෂණ මාධ්‍ය උපදේශන සංවිධානය වන GLAAD මඟින් ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍යය ආයතනය (NIH) පවසන පරිදි  DSD  ඇති ඇතැම් පුද්ගලයින් කාන්තාවන් ලෙස හැදී වැඩුණු නමුත් XX හැර වෙනත් ලිංගික වර්ණදේහ හෝ ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පැවතිය හැකි බවය.

ජාතික වෛද්‍ය පුස්තකාලයේ නිර්දේශවලට අනුව ස්වයර් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට සෑම සෛලයකම එක් X වර්ණදේහයක් සහ Y වර්ණදේහයක් ඇති නමුත් ඔවුන්ට කාන්තා ප්‍රජනක ව්‍යුහයන් ඇත.  IOC හි මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ඇඩම්ස් කාන්තා තරඟවලට සහභාගී වීම සඳහා පාලන ආයතන විසින් නියම කර ඇති බොහෝ නීතිවලට මලල ක්‍රීඩිකාවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් පරීක්ෂා කිරීම ඇතුළත් නමුත් එය පරිපූර්ණ පරීක්ෂණයක් නොවන බව සදහන් කර ඇත.  කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ප්‍රකාශ කරන්නේ ඔවුන් දෙදෙනාම සියළු නිර්ණායක සපුරා ඇති බවට කිසිදු ගැටළුවක් නොපවතින බවයි.

IOC හි සභාපති තෝමස් බැචි ප්‍රකාශ කරන්නේ ලින් සහ කෙලිෆ් සිස්ජෙන්ඩර් (උපතේදී පවරන ලද ලිංගිකත්වයට අනුරූපවන ලිංගභේද අනන්‍යතාව) කාන්තාවන් බවට කිසි විටෙකත් සැකයක් නොමැති බවයි. ඒමෙන්ම මෙම කාන්තාවන්ට කාන්තාවන් ලෙස මෙන්ම මිනිසුන් ලෙසත් ගෞරව කරන ලෙස ඉල්ලීමක් ද කරයි.

මේ අනුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සමාජ මාධ්‍යයන්ගේ පළවන ආකාරයට ඉමා් කෙලීෆ් යනු සංක්‍රාන්තික හෝ පිරිමි පුද්ගලයෙකු නොවන බවත් ඇය පූර්ණ වශයෙන්ම කාන්තාවක් වන බවත් Fact Seekers තහවුරු කරයි.

මේ පිළිබඳ විදෙස් කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවිවල දක්වා ඇති වැඩිදුර තොරතුරු වෙත පිවීසීම් පහත දක්වා ඇත.

https://www.usatoday.com/story/sports/olympics/2024/08/02/imane-khelif-fact-check-olympic-boxer/74645341007/

https://www.nbcnewyork.com/paris-2024-summer-olympics/olympics-boxing-imane-khalif-xy-chromosome-italian-boxer-quit/5662035/

Latest updates

#AI

වයස 259ක පුද්ගලයෙකුගේ උපන්දින සැමරුම සහිත ඡායාරූපය AI නිර්මාණයක්!

මැයි 23, 2025

#false

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

මැයි 21, 2025

#fake

කොළඹ පුරපති ගැන එජාප ලිපිය ව්‍යාජයි

මැයි 21, 2025

#FAKE_ACCOUNT

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් නමින් ක්‍රියාත්මක වන්නේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක්

මැයි 20, 2025

Related Content

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

මැයි 21, 2025

හයේෂිකා ප්‍රනාන්දු උපකාරක පන්ති දේශකවරිය ඇගේ පිළිම අලෙවි කර නෑ

මැයි 19, 2025

අධික උණුසුමක් ගැන අවදානම් නිවේදනය අසත්‍යයි

අප්‍රේල් 30, 2025

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන නියෝජ්‍ය ඇමති චතුරංග නොකී කතා කිහිපයක්

අප්‍රේල් 17, 2025

මෙරට ඩොලර් සංචිත සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ කියන දත්ත අසත්‍යයි

අප්‍රේල් 10, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection