Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

Factual
Factual

ජනාධිපතිවරණයේ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් දේශපාලන පක්ෂ අතර ප්‍රසිද්ධ සාකච්ඡා පමණක් නොව රහස් සාකච්ඡා ද දිවා රෑ සිදුවෙමින් පවතී. මේ අතරතුර ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඇප මුදල් තැන්පත් කළේ ය.

by Anonymous |

ජූලි 31, 2024

මේ අතර තුර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ “හදවත” ළකුණෙන් බවට ප්‍රධාන ධාරාවේ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල පුවත් සංසරණය වෙමින් පැවැතිණි.

නෙත් FM නාලිකාවේ අද (31) විකාශය වූ “කනින් කොනින්” වැඩසටහනේ දී ද මේ පිළිබදව ප්‍රකාශ කර තිබිණි. එය මෙතැනින් https://youtu.be/ljLBoMo8E6o?t=521

මෙය සත්‍යද? යන්න පිළිබදව Factseeker විමසීමක් කළෙමු.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.

“හදවත” ලාංඡනයෙන් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වී තිබේදැයි Factseeker මැතිවරණ මහලේකම් කාර්යාල පාර්ශවයෙන් සොයා බැලීය. එහිදී මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමකදී හෙතෙම සදහන් කළේ, “හදවත” ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වී නැති බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී “හදවත” ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අයදුම් කර තිබූ බව ත් එම අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ත් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ය.

මෙම ලාංඡනය ලෝකයේ ආදරය පිළිබද සංකේතයක් පමණක් වන අතර හදවතේ සැබෑ අනුරුව එය නොවන නිසා එහිදී එම ලාංඡනය ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ සදහන් කළේ ය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ “හදවත” ලාංඡනය යටතේ ජනාධිපතිවරණයට තරග කරන බවට පුවත් පළ වුව ද ඒ ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර නැති බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

ජූලි 26, 2024

ජනපතිවරණය පැවැත්වීම කල් යන බවට පළවන පුවත් අසත්‍යයි.

ජූලි 25, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection