පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?
පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ දානමය පිංකමකට වැඩම කළ මහා සංඝරත්නයට ලොව ජනප්‍රියතම සන්නාමයක් වන LouisVuitton වර්ගයේ පිරිකර පූජා කළ බව සදහන් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතී.
by Anonymous |
ජූලි 26, 2024
මෙම ඡායාරූප පෙළ LouisVuitton, FENDI බෑග් සහිත සාංඝික දානයක ක්, #සම්මාBranded #මහාLouisVuitton පිංකම ලෙස සඳහන් කරමින් සංසරණය වන ආකාරය Factseeker නිරීක්ෂණය කළේ ය.
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන මෙම ඡායාරූප පෙළ සත්‍යද? යන්න පිළිබදව Factseeker විමසීමක් කළෙමු.
එහිදී අනාවරණය වූයේ, මෙම ඡායාරූප 2019 පෙබරවාරි 24 දිනට අදාළව පල කරන ලද බවයි. ඊට අමතරව එදින ම ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න තම Facebook පිටුවේ මේ පිළිබඳව සටහනක් ද තබා තිබුණි. (Iraj FB Statment Image)
වැඩිදුර විමසා බැලීමේදී “ඉරාජ් සමඟ සමන්ත භද්‍ර හිමියන් – කෝටි 2ක පිරිකරවල ඇත්ත කතාව” යනුවෙන් 2019 පෙබරවාරි 26 දින කරනු ලැබූ සාකච්ඡාවක වීඩියෝවක් ද FactSeeker සොයා ගත්තේ ය.
එම වීඩියෝවේ සමන්ත භද්‍ර හිමි විසින් සඳහන් කරන්නේ චීනයේ සල්පිලකින් මෙම LouisVuitton, FENDI බෑග් මිලදී ගත් බවයි. එසේම එහි අඩංගු සෙසු පිරිකර භාණ්ඩ ද LouisVuitton හෝ FENDI සන්නාමයන් සහිත භාණ්ඩ නොවන බව එම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී FactSeeker ට හඳුනාගත හැකි විය.
මේ අනුව සමන්ත භද්‍ර හිමි විසින් සිදු කරන ලද මෙම දානමය පිංකම 2019 වර්ෂයට අදාළ වූවක් බවත්, එය 2024 වර්ෂයේ යළිත් වරක් සංසරණය වෙමින් පවතින බවත් Factseeker තහවුරු කරයි.