සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූප ට්‍රම්ප්ගේ වෙඩික්කරුගේ ද?

ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සිටියදි පසුගියදා (13) වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
by Anonymous |
ජූලි 24, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙඩික්කරු කවුරුන්ද? යන්න පිළිබදව ලෝකය පුරා ජනමාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබූ අතර වෙඩික්කරු ලෙස සදහන් කරමින් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා ද හුවමාරු වෙමින් තිබිණි.
මෙසේ හුවමාරු වන ඡායාරූප අදාළ වෙඩික්කරුගේ ඡායාරූප ද යන්න පිළිබදව factseeker සොයා බැලීය.
ඩොනල් ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස් එම සිද්ධිය වී තත්පර කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ ආරක්ෂක සේවය විසින් වෙඩි තබා ඝාතනය පත්කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේය.
මෙම වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බෙතෙල් පාර්ක්හි වෙසෙන 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයෙකු බවට, DNA සහ facial recognition ඔස්සේ හඳුනා ගත් බව FBI ආයතනය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර මැතිව්ස් කෘෘක්ස් සිය උසස් අධ්‍යාපනය ලද පාසලෙන් 2022 දී උපාධි ලබාගත් අවස්ථාවේ සේයාරුවක් පාසලේ වීඩියෝවකින් AP පුවත් සේවය මගින් උපුටාගෙන ප්‍රකාශයට පත්කර තිබුණි.
කෙසේවෙතත් මෙම රූපයට වඩා වෙනස් පුද්ගලයින්ගේ ඡායාරූප වෙඩික්කරු යැයි සඳහන් කර සමාජ මාධ්‍ය තුළ හුමවාරු විය.
මෙහිදී ට්‍රම්ප්ගේ වෙඩික්කරු ලෙස මුලින්ම ප්‍රචාරය වූයේ මාර්කෝ වයලී නැමැති අයෙක් බව සදහන් කරමින් ඔහුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය සටහන්වල පළ කෙරිණි.
ඒ අනුව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය ඡායාරුපයේ හිමිකරු වන මාර්කෝ වයලී ඉතාලි ජාතිකයෙක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහු ඉතාලි භාෂාවෙන් සමාජ මාධ්‍ය සටහනක් එක්කරමින් පවසා තිබුනේ මෙම වෙඩිතැබීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය ව්‍යාජ පුවතක් බවත් ඒ හරහා තමන් දැඩිලෙස අපහසුතාවයට පත්වු බවත් හෙතෙම සඳහන් කර තිබුණි.
එමෙන්ම පසුව සමාජ මාධ්‍ය තුළ ජනතාව නොමග යැවීමට මෙලෙස ඡායාරුප පළකර ඇති බව දැකගන්නට ලැබුණි.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා FBI ආයතනය තහවුරු කළ තෝමස් මැතිව් කෲක්ස් බවත් හුවමාරු වන ඡායාරූප ව්‍යාජ බවත් Factseeker තහවුරු කරයි.