Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explaner

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කළ හැකිද?

Factual
Factual

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය මේ වසරේ නොවැම්බර් 17 වෙනිදා අවසන් වීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 17 අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ ය.

by Anonymous |

ජූනි 11, 2024

මේ අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ග කර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.

මේ ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ සාමජිකයන් වන රවි කරුණානායක පමණක් නොව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණි.ජනාධිපතිවරණය කල් දැමීම මේ මොහොතේ නුසුදුසු බවත් ජනමත විචාරණයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැති බවත් නවීන් දිසානායක ප්‍රකාශ කර තිබිණි.

මේ අතර රවි කරුණානායක ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බැවින් ජනාධිපතිවරණය කල්දැමීමට ඔහුට අදහසක් නැති බවත් අනිවර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ත් ය.

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කල්දැමීමේ යෝජනාවට සියලුම දේශපාලන පක්ෂ විරුද්ධ අතර එසේ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ, ජනමත විචාරණයක් හරහා ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීම සදහා විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක සදහන් නොවන බව ය.

ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බව රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පවතින කතා බහ නිසා මෙහි නීත්‍යානුකූල තත්ත්වය පිළිබද විමසා බැලීමට Fact seeker තීරණය කළෙමු.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කළ හැකි ද? යන්න පිළිබදව අධ්‍යයනයක යෙදුනෙමු.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු වශයෙනි. ඒ 2020 ජනාධිපතිවරණයේදී ඡන්ද 69 ලක්ෂයක් ලබා ගනිමින් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ජනතා විරෝධය හේතුවෙන් ජනධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය. එයින් හිස් වූ ජනාධිපති ධූරය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් සුදුසුකම් ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුත්තේ ය. එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තෙකු ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වෙනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි සලකන්නා වු යම් කාරණයක් ජනාධිපතිවරයා විසින් ජනතමත විචාරයක් මගින් ජනාතාවට ඉදිරිපත් කළ හැකිය.

ජනමත චිචාරණයක් ලෙස ජනතාව වෙත ඉදිරිපත් කරන කාරණය පනත් කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලක්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ජනතාවට ඉදිරිපත් කළ යුතුය. එහිදී ලබාගන්නා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරය අනුමත කර ඇත්නම් එය අනුමත වේ

ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර දෙකක්  දීර්ඝ කරන්නේ නම් එය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී 85 වෙනි ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන මතය.

මේ සම්බන්ධයෙන්  factseeker  නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාගෙන් විමසීමක් කළෙමු.එහිදී ඔහු පැවසුයේ මෙවැනි අදහසකි.

“අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස සියලු විධායක බලතල වත්මන් ජනාධිපතිවරයාට හිමිවෙලා තිබෙනවා. එහෙම උනත් ජනමත විචාරයණකින් තොරව ඔහුගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කරන්න හැකියාවක් නෑ. ජනමත විචාරණයක් පැවැත්වීමට හැකියාව ඇත්නම් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පිරීස් මහතා පවසන්නේ “ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව අනුව එවැනි සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි . පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව එවැනි පනතකට ජනමත විචාරණයකට යා නොහැකියි.”යනුවෙන් සඳහන් කළේය.

මෙම සියලු කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමේදී යළිත් වසර දෙකකට නිලකාලය දීර්ඝ කිරීමට නම් ජනමතචිචාරණයක් පැවැත්විය යුතු බව පැහැදිලිවේ.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

මොකක්ද මේ ? ලංකාවට ගේන ඉලෝන් මස්ක්ගේ Starlink

මැයි 29, 2024

ඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රී ධූරත් අහෝසි වෙයිද?

මැයි 10, 2024

කාන්තාවක් සම්බන්ධ සිදුවීමේදී පහර කෑමට ලක් වූ හිමිනම මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ හිමිනමක් නොවේ

මැයි 2, 2024

අසත්‍ය හා දුස් තොරතුරු ඉදිරි මැතිවරණවලදී තර්ජනයක් විය හැකියි.

ජනවාරි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection