Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explaner

ඩයනාගේ නඩු තීන්දුවෙන් සජබ මන්ත්‍රී ධූරත් අහෝසි වෙයිද?

Factual
Factual

පසුගිය කාලය පුරා දේශපාලන කරළියේ පුවත් මවමින් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඩයනා ගමගේට මන්ත්‍රී ධූරයක් දැරීම සුදුසු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (08) තීන්දු කළේ ය.

by Anonymous |

මැයි 10, 2024

මෙම තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ද මන්ත්‍රී ධුර ද අවදානමකට ලක් වන බව දේශපාලන කරළියේ කතා බහක් ඇති විණි.

ඩයනා ගමගේ සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග මෙම අවදානම පිළිබදව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබිණි.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර ඇත්තේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ නමින් බව ත් පුරවැසිභාවය නොමැති අයෙකු ලියාපදිංචි කළ පක්ෂයක් නීත්‍යානුකූල වන්නේ කෙසේ දැයි තමා විමසන බවත් කාංචන විජේසේකර එහිදී ප්‍රකාශ කර තිබිණි.

කාංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ එම ප්‍රකාශය ඊ‌යේ (09)  ලංකාදීප සහ තිනකුරල් යන පුවත්පත් ද වාර්තා කර තිබිණි.

මේ අතර  ̒ලංකා සී නිවුස් ̕ වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් පළ කර තිබූ ප්‍රවෘත්තියේ සදහන් වී තිබුණේ, ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමත් සමග සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර ඉහළ අවදානමකට ලක් වී ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සදහන් කර තිබීම මත එම පක්ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම ප්‍රවෘත්තිය මගින් අවධාරණය කර තිබිණි.

ලංකා සී නිවුස් ලින්ක් – https://shorturl.at/qyHOP

මේ අතර ඩයනා ගමගේ විසින් ඊයේ (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ද ඇය ප්‍රකාශ කරන්නේ, තමා මෙරට පුරවැසියෙක් නොවන්නේ නම්, තමා මහලේකම් ධූරය දැරූ සමගි ජනබලවේගයේ නීත්‍යානුකූලභාවය කුමක්ද? යන්නයි. එමෙන්ම තමා සමගි ජන බලවේගයට  ̒අපේ ජාතික පෙරමුණ පක්ෂය පැවරුවේ එහි මහලේකම් ලෙස සිටියදී බැවින් මේ වන විට සමගි ජන බලවේගයට ද නීත්‍යානුකූල බවක් නැති බවයි.

එමෙන්ම 2022.12.08 වෙනි දින ඩයනා ගමගේ විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ද කර තිබිණි. එහිදී ඇය පවසා තිබුණේ, “මගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කතා කරන අයට කියන්න තියෙන්නේ , මට මේ රටේ පුරවැසිභාවයක් නැත්නම් ඔය 54 දෙනාටම මෙතැන ඉන්න බෑ.මොකද? මම පක්ෂයේ මහලේකම් වෙලා හිටිය නිසා සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රී ධූර අහෝසි වෙනවා” යනුවෙනි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තුවේ සහ ප්‍රධාන ධාරාවේ මධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන ප්‍රවෘත්ති හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට Fact seeker පියවර ගත්තෙමු.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් සමන් රත්නායකගෙන් මේ පිළිබද කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ , මෙරට දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී පුරවැසිභාවය පිළිබද විමසීමක් නොකරන අතර පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය මතු වන්නේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නාමයෝජනා දීමේදී පමණක් බවයි.1981 පක්ෂ ලියාපදිංචි කිරීමේ පනත අනුව එසේ විමසීමට අවශ්‍ය නොවන අතර එවන් ගැටළුවක් පවතින්නේ නම්, ඕනෑම පාර්ශවයකට අධිකරණයට යා හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේ ය.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මිය සම්බනධයෙන් වූ අධිකරණ තීන්දුව මේ වන විට මැතිවරණ කොමිසමට ලැබී තිබෙන බව සදහන් කළ කොමසාරිස්වරයා, ඒ අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව ද කීය.

සමගි ජන බලවේගය පක්ෂය මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කර ඇති නිලධාරි මණ්ඩලය – https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/Officers/80_4.pdf

මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මව්රට වෙබ් අඩවියට ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබිණි.

එහිදී මහින්ද දේශප්‍රිය මහතා සදහන් කර තිබුණේ, විදෙස් පුරවැසියෙකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බවට නීතීයක් කිසිදු ස්ථානයක නොමැති බව යි.  ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ නාමයෝජනා පත්‍රයට හෝ අත්සන් තබා නැති බව මහින්ද දේශප්‍රිය එහිදී ප්‍රකාශ කර තිබිණි.

මව්රට ලිනක් – https://sinhala.mawratanews.lk/exclusive/former-election-commissioner-makes-a-special-statement/

මේ සම්බන්ධයෙන් Fact seeker සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, 2021 වසරේදී සිය පක්ෂය විසින්  අපේ ජාතික පෙරමුණ පක්ෂය ගෙන සමගි ජන බලවේගය පක්ෂය පිහිට වූ බවයි.  එහිදී සජිත් ප්‍රේමදාස මහතා නායක මෙන්ම සභාපති ලෙස පත් කළ අතර තමා එහි මහලේකම්වරයා ලෙස පත් කර මැතිවරණ කොමිසමේ පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව යි.

ඒ වන විට ඩයනා ගමගේ අපේ ජාතික පෙරමුණේ මහලේකම් ලෙස කටයුතු කළ නමුත් ඇය, සමගි ජන බලවේගයේ මහලෙක්ම් ධූරය නොදැරූ බව ද මද්දුම බණ්ඩාර පැවැසීය. එමෙන්ම ඇය සදහන් කරන පරිදි ඇය සමගි ජන බලවේගයේ මහලේකම් ලෙස පක්ෂය ලියාපදිංචි කර නැති බවත් සිය පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවට ද අත්සන් කර නැති බවත් රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව සමගි ජන බලවේගයේ කණ්ඩායමේ මන්ත්‍රී ධූර මේ වන විට නීත්‍යානුකූල නොවන බව පළ වන අදහස් පදනම් විරහිත බව Fact seeker තහවුරු කරයි.

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කළ හැකිද?

ජූනි 11, 2024

මොකක්ද මේ ? ලංකාවට ගේන ඉලෝන් මස්ක්ගේ Starlink

මැයි 29, 2024

කාන්තාවක් සම්බන්ධ සිදුවීමේදී පහර කෑමට ලක් වූ හිමිනම මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ හිමිනමක් නොවේ

මැයි 2, 2024

අසත්‍ය හා දුස් තොරතුරු ඉදිරි මැතිවරණවලදී තර්ජනයක් විය හැකියි.

ජනවාරි 31, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection