Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ජාතික ජන බලවේගයේ ටොරොන්ටෝ ජනහමුවේදී ප්‍රශ්න ඇසූ තරුණයා එළවා දැම්මාද?

Factual
Factual

ජාතික ජන බලවේගය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පැවැත් වූ ජන හමුව සම්බන්ධයෙන් විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

මාර්තු 28, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අතරතුර දෙමළ භාෂාවෙන් ප්‍රශ්නයක් ඇසූ තරුණයෙකු එම ස්ථානයෙන් පිටතට ඇද දැමූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

 

මෙම තරුණයා සමුළුවේ වේදිකාවෙන් එළවා දැමුවේ ඇයි දැයි X අඩවියේ ප්‍රශ්න කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන මතුවෙමින් පවතින බව factseekerට නිරීක්ෂණය කළේ ය.

මෙම උත්සවයේදී එවැනි සිදුවීමක් වුණාද? එසේත් නැතිනම් සිදුවූයේ කුමක්දැයි factseeker සොයා බැලීමේදී ප්‍රශ්නය නැඟූ තරුණයා ශාලාවෙන් නෙරපා නොදැමූ බව තහවුරු විය. මෙහිදී අනුර කුමාර දිසානායක විසින් එම තරුණයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දී තිබිණි.

එමෙන්ම එම අවස්ථාවට සහභාගී වූ තවත් අයෙකු එම අවස්ථාව අතරතුර නොකඩවා අදහස් ප්‍රකාශ කර අනෙක් අයට සාකච්ඡා කිරීමට ඉඩ නොතබා උත්සවයට බාධා ඇති කළ අවස්ථාවේදී, එහි සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු ඉවත් කළ බව ජාතික ජන බලවේගය factseekerට අනාවරණය කළේ ය.

උත්සවයට අදාළ සම්පූර්ණ වීඩියෝව මෙහි අමුණා ඇත, උත්සවයේදී තරුණයින් අසන ප්‍රශ්නය සහ අනුරකුමාර දිසානායක මහතා ලබාදුන් පිළිතුර නැරඹිය හැකියි.  https://youtu.be/vIJqwQOJ97Q?t=8602

එබැවින් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවති ජන හමුවේදී දෙමළ භාෂාවෙන් ප්‍රශ්නයක් ඇසූ තරුණයෙකු එම ස්ථානයෙන් පන්නා දැමූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු අසත්‍ය බව factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

ජූලි 26, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection