Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • දේශපාලන

ගෝඨාභය රාජපක්ෂගේ මසක වියදම රුපියල් දහ තුන් ලක්ෂයක්

Factual
Factual

විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මසකට රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් වියදම් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

by Anonymous |

නොවැම්බර් 14, 2023

විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මසකට රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් වියදම් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජයෙන් දරණ වියදම් සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ජාලවල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද කතාබහට ලක් වී තිබිණි.

ඒ පිළිබඳව මේ වසරේ ජනවාරි මස 24 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළ FactSeeker, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මසකට රජය දරණ වියදම කොපමණ ද? යන්න විමසා බැලුවෙමු.

ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්කේ හේනාධීර ගේ අත්සනින් යුතුව එම අයදුම්පතට පිළිතුරු ලිපියක් ලැබී තිබුණේ 2023 අප්‍රේල් මස 11 දිනය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙසැම්බර් මාසයට අදාළ වියදම් දක්වා තිබූ එම පිළිතුරු ලිපියට අනුව විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000 ක් ද දුරකතන, විදුලිය ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60 ක් ද වැය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට පරිහරණය කරන වාහනවල තොරතුරු ලබා දෙන මෙන් FactSeeker කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ, අදාළ තොරතුරු අදාළ අංශයෙන් ඉල්ලා තිබෙන අතර, එය ලැබුණු වහාම පිළිතුරු ලබා දෙන බවය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අනෙකුත් පුනරාවර්තන වියදම් ඇතුළත් වන වියදම් වාර්තාව තුළ මෙම වියදම් එකම වැය විෂයක් යටතේ සටහන් වන බැවින් විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව, දුරකතන, විදුලිය, ජලය සහ වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් ලබා දිය නොහැකි බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ජෙරම් ප්‍රනාන්දුට මන්ත්‍රී පදවියක් දෙන්න සැරසුන පක්ෂය කුමක්ද?

නොවැම්බර් 14, 2023

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් ලෙස නිවැරදි විය යුතුයි.

නොවැම්බර් 14, 2023

අරගලයේදී රටින් පැන ගියේ නාමල්ගේ තාත්තා නොවේ.

නොවැම්බර් 13, 2023

මන්ත්‍රී අසංක නවරත්න සජිත් පිලට ගියාද?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection