අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

අනුරාධපුර පූජා නගරයට ඇතුළුවන වාහනවලින් ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් අනුරාධපුර නගර සභාව සම්මත කරගත් බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබිණ.
by Anonymous |
නොවැම්බර් 14, 2023

අනුරාධපුර පූජා නගරයට ඇතුළුවන වාහනවලින් ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් අනුරාධපුර නගර සභාව සම්මත කරගත් බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබිණ.
ඒ පිළිබඳව FactSeeker කළ විමසුමේ දී හෙළිවූයේ එවැනි යෝජනාවක් අනුරාධපුර නගර සභාවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් වී ඇති නමුත් එහිදී එය ප්‍රතික්ෂේප වී ඇති බවයි.
එමෙන්ම නගර සභාවේ මහා සභාවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් අනාවරණය විය.
එබැවින් අදාළ යෝජනාව සම්මත කරගත් බවට ඉහත ඉහත පෝස්ටුවේ දැක්වෙන්නේ අසත්‍ය පුවතකි.