Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • පාරිසරික

මියගිය මසුන් විශාල ප්‍රමාණයක් වෙරළට ගොඩගැසී ඇති ආකාරය පෙන්වන මෙම ඡායාරූපය පසුගිය දිනවල මෙරටදී ගත් එකක් ද?

False
False

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නම් නෞකාව හේතුවෙන් සාගර ජලය සහ වාතය දූෂණය වී ඇති බවට විවිධ පුවත් සහ ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලත් පුළුල් ලෙස හුවමාරු වන්නට විය.

by Anonymous |

නොවැම්බර් 14, 2023

ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නම් නෞකාව හේතුවෙන් සාගර ජලය සහ වාතය දූෂණය වී ඇති බවට විවිධ පුවත් සහ ඡායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලත් පුළුල් ලෙස හුවමාරු වන්නට විය. ඒ අතරින් මත්ස්‍යයින් සහ මුහුදු කැස්බෑවන් ඇතුළු සාගර ජීවීන්ගේ ඡායාරූප මෙන්ම නැවේ සුන්බුන් මීගමුව, වත්තල, බම්බලපිටිය සහ ගාල්ල යන වෙරළ තීරයන්වල ගොඩගැසී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද ඒ අතර දකින්නට ලැබිණ.

එමෙන්ම ‘අද දින සවස අම්බලන්ගොඩ වෙරළ තීරය’ යන ශීර්ෂ පාඨය සටහන් කළ මියගිය මසුන් විශාල ප්‍රමාණයක් වෙරළට ගොඩගැසී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නට විය.

(https://bit.ly/3p3KZ1r)

උක්ත ඡායාරූපය පිළිබඳව ‘Google Reverse Image Search’ භාවිත කරමින් අප විසින් සිදු කරන ලද තාක්ෂණික කරුණු පරීක්ෂාවේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම ඡායාරූපය ගෙවතු වගාව, වන වගාව, කෘෂිකර්මාන්තය, ස්වභාව සෞන්දර්ය සහ ස්වභාවධර්මයට අනුකූළව ජීවන රටාව පවත්වා ගැනීම, ස්වභාවික සෞඛ්‍ය, තිරසරභාවය මෙන්ම පරිසරවේදය යන විෂය ක්ෂේත්‍රයන්ට විශේෂිතව ප්‍රවෘත්ති ඉදිරිපත් කරන “Return To Now” වෙබ් අඩෙවිය යටතේ ප්‍රකාශන හිමිකම ලබා ගත් ඡායාරූපයක් බවයි. මෙම ඡායාරූපය 2017 වර්ෂයේ නෙවැම්බර් මස 01 වන දින “Investigation Reveals ‘Tyson Foods’ as #1 Culprit in Largest ‘Dead Zone’ on Earth” යන ලිපි ශීර්ෂය යටතේ මුල් වරට ප්‍රකාශයට පත් කර ඇත.

(https://bit.ly/3c8nGhs)

උක්ත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ‘මිසිසිපි’ නම් ගංඟාවේ මිය ගොස් ඇති මත්ස්‍යයින් බවත්, ඔවුන් එසේ මිය යන්නේ ටයිසන් ෆුඩ්ස්, ස්මිත්ෆීල්ඩ්, කාර්ගීල්ස්, හෝමෙල්ස් සහ ජේ.බී.එස්. වැනි ලොව දැවැන්තම සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන කාර්මාන්ත ශාලාවලින් මධ්‍යම ඇමරිකාවේ සිට ගල්ෆ් වෙරළ තීරය වෙත මුදාහරින විෂ වායු සහ පොහොර හේතුවෙන් සිදුවන මුහුදු ජල දූෂණය නිසාවෙන් බව එම ලිපියෙහි සඳහන් වේ.

ඒ අනුව මෙරට ජනතාව නොමඟ යැවීමේ අරමුණෙන්, ඇමරිකා එක්සත් ජනපදයට අයත් මිසිසිපි නම් ගංඟාවේ මිය ගොස් ඇති මත්ස්‍යයින් දැක්වෙන ඡායාරූපයක් ‘අද දින සවස අම්බලන්ගොඩ වෙරළ තීරය’ යන මැයෙන් ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ වෙරළ තීරයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව තහවුරු විය.

ය.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

වන විනාශයක් පිළිබඳ ව්‍යාජ පුවතක්

නොවැම්බර් 14, 2023

අම්ල වැසි ඇතිවන බවට වන ව්‍යාජ පණිවිඩයක්

නොවැම්බර් 14, 2023

සමන්තුරේ රෝහලට එක්වරම කඩාවැදුණු හස්තියෙක්?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection