Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • සමාජමය

තැපැල් ෙදපාර්තෙම්න්තුවට සම්බන්ධ ෙකටි පණිවිඩවලට ෙනාරැවෙටන්න

False
False

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත යොමු කරමින් ජනතාව නොමග යවන කෙටි පණිවිඩයක් පසුගිය දිනවල හුවමාරු වෙමින් පැවැතිණි.

by Anonymous |

නොවැම්බර් 13, 2023

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත යොමු කරමින් ජනතාව නොමග යවන කෙටි පණිවිඩයක් පසුගිය දිනවල හුවමාරු වෙමින් පැවැතිණි.

ඔබට හිමි පාර්සලය ලබා දීමට දී ඇති වැරදි ලිපිනයක් සහ විථි අංකයක් නිසා ලබා දිය නොහැකි බැවින් නිශ්චිත පැකේජය ලබා ගැනීමට සබැදියේ ඇති තොරතුරු ලබා දී අදාළ විස්තර යාවත්කාලීන කරන ලෙස මෙම කෙටි පණිවිඩය මගින් දැනුම් දී ඇති බව FactSeeker නිරීක්ෂණය කළේය.

එමෙන්ම මෙම කෙටි පණිවිඩය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත යොමු කර තිබීම හේතුවෙන් මෙම කෙටි පණිවිඩය වංචාකාරී අනතුරු ඇඟවීමක් විය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් හුවමාරු කර ගැනීම FactSeeker ට නිරීක්ෂණය කළ හැකි විය.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙකු සඳහන් කළේ, සම්බන්ධතාවයේ මීළඟ පියවර වන්නේ අන්තර්ජාලය හරහා ගෙවීම බවත් සමහර අය තම බැංකු තොරතුරු ඉදිරිපත් කර රුපියල් 60,000 ක් වැනි මුදල් අහිමි කර ගෙන ඇති බවත්ය.

මේ පිළිබඳව FactSeeker තැපැල්පති පී. සත්කුමාර මහතා ඇමතූ විට ඔහු මෙම කෙටි පණිවිඩ ව්‍යාජ එකක් බව ප්‍රකාශ කළේ ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම ( SLCERT) ද විමර්ශන ආරම්භ කර ඇති බව පැවැසීය.

එමෙන්ම විවිධ දුරකථන සම්බන්ධතා දෙකක් ඔස්සේ මෙවැනි ව්‍යාජ කෙටි පණිවිඩ ප්‍රචාරය වන පළමු අවස්ථාව මෙය නොවන බවද ප්‍රකාශ කළ ඒ මහතා හදිසි ඇමතුම් අංකය වන 1950 ඇමතීමෙන් ජනතාව තම පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කිරීමේ කණ්ඩායම (SLCERT) ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරි නිරෝෂ ආනන්ද FactSeeker ට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ , මෙම වංචාව ව්‍යාජ URL එකක් හරහා තැපැල් කාර්යාලය ඉලක්ක කර ගෙන ඇති බව යි.

මෙම වංචනිකයින් විසින් පුද්ගලයන් නොමග යැවීම සඳහා වෙබ් අඩවි තුනක් භාවිත කර ඇති බවත්, එම වෙබ් අඩවි ඉවත් කරන ලෙස දුරකථන සේවා සපයන්නන්ට දැනටමත් දන්වා ඇති බවත් ඔහු පැවසීය.

මෙම වංචාවට කිසිවකු හසු නොවන ලෙස සමාජ මාධ්‍ය, විද්‍යුත් හා විද්‍යුත් නොවන මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණයක් දියත් කර ඇති බවද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (එස්එස්පී) අධිනීතිඥ නිහාල් තල්දූව FactSeeker ට පැවසුවේ මෙම ව්‍යාජ SMS සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 06 ක් ලැබී ඇති අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ද පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි. එම පැමිණිලි සියල්ල රුපියල් ලක්ෂ 2ක වංචාවක් සම්බන්ධ පැමිණිලි බවද ඔහු සඳහන් කළේය.

එබැවින් ඉහත ප්‍රකාශ මත පදනම්ව, මෙම කෙටි පණිවිඩ ව්‍යාජ සහ ජනතාව නොමඟ යවන සුළු බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් වසා දැමූ බවට පළ වන පුවත් අසත්‍යයි.

නොවැම්බර් 13, 2023

සමන්තුරේ රෝහලට එක්වරම කඩාවැදුණු හස්තියෙක්?

සැප්තැම්බර් 11, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection