ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් පිටුවහල් කළේ අත්අඩංගුවට ගැනීමට පෙර ද?

මෙරට ආරක්ෂක අංශ විසින් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පිටුවහල් කිරිමකින් බවට සමාජ මාධ්‍ය හරහා පුවත් සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.
by Anonymous |
ඔක්තෝබර් 21, 2025

ගනේමුල්ලේ සංජීව ඝාතන සිදුවීමෙන් පසු මෙරටින් පළාගොස් නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ රැඳී සිටියදී ඊට සම්බන්ධ බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය ඇතුළු 06 දෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා සහ නේපාල ආරක්ෂක අංශ සමගින් එක්ව සිදුකර තිබුණි.
නමුත් සමාජ මාධ්‍ය හරහා මෙම සැකකරුවන් පොලිස් මෙහෙයුමක් හරහා වැටලීමක් කර ආරක්ෂක අංශ භාරයට ගෙන නොමැති බවත් ඔවුන් නේපාලයේ රැඳී සිටි කාලය ඇතුළත කිසිදු වරදක් නොකිරීම නිසා නේපාල රජය විසින් පිටුවහල් කර ඇති බවත් පසුව ඔවුන් මෙරටට කැඳවාගෙන පැමිණ ඇති බවටත් පුවත් සංසරණය වන බව නිරීක්ෂණය විය. පරිශීලකයින් ද මේ සම්බන්ධයෙන් පරස්පර අදහස් ද දක්වා තිබුණි. ඒ අනුව FactSeeker මේ සම්බන්ධව සොයා බලන ලදී.

මේ සම්බන්ධයෙන් වන නිල මාධ්‍ය වාර්තා විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව අන්තර්ජාතික පොලිසිය ඉෂාරා සෙව්වන්දි සදහා අන්තර්ජාතික රතු නිවේදනයක් නිකුත් කර තිබුණි. මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොලීසිය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව සති 06ක ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස සිදුකර ඇත්තේ ඒ අනුවයි. පසුව නේපාල රජයේ සහ නේපාල ආරක්ෂක අංශ වල සහය ඇතිව රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග යටතේ ඔවුන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. ඉන්පසුව ඔක්තොම්බර් 15 වනදා මෙරටට රැගෙන එන ලදී.
නීතිමය පසුබිම
මෙම සිදුවීමේ සඳහන් පරිදි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර තිබුණි.මේ සදහා අන්තර්ජාතික පොලිසියේ (INTERPOL) සහයෝගය අවශ්‍ය වේ. ඒ අනුව නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් ද්විත්වය මෙහි සාමාජික රටවල් වන බැවින් සැකකරුවන් සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට සහයෝගයෙන් කටයුතු කර ඇත.
නේපාලයේ නීතිමය ප්‍රතිපාදන අනුව විදේශීය සැකකරුවෙකු නේපාලයේදී අත්අඩංගුවට ගත් පසු ඔවුන්ගේ රටට භාරදිමේදී නේපාලයේ පිටුවහල් කිරීමේ නීතිය (Nepal’s Extradition Act) ක්‍රියාත්මක කරයි.එමෙන්ම ආගමන නීති කඩකිරීම මතද පිටුවහල් කිරීමට හැකියාව ඇත.
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මෙරටට රැගෙන ඒම සදහා අන්තර්ජාතික පොලිසියේ සහයෝගය සහ නේපාලයේ දේශීය නීතිමය ක්‍රියාවලිය යටතේ කටයුතු කර ඇති බවයි. පිටුවහල් කිරීම එහි එක් පියවරක් වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු එය සිදුකර ඇත.
නේපාල රජය මේ සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් කර ඇත්ද ? යන්න පිළිබඳව සොයා බැලීය. ඒ අනුව නේපාල මාධ්‍ය වාර්තා කර තිබූ පුවත් පිළිබඳ අවධානය යොමු විය. නේපාලයේ ප්‍රධාන පුවත්පතක් වන ” The Kathmandu Post ” මගින් මේ සම්බන්ධයෙන් දක්වා තිබුණි.
https://kathmandupost.com/national/2025/10/15/nepal-deports-six-suspected-sri-lankan-underworld-gang-members
මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ මොවුන් පිටුවහල් කරනු ලැබුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවයි.සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතේ දැක්වෙන පරිදි “නේපාලයේ රැඳී සිටි කාලය ඇතුළත කිසිදු වරදක් සිදු නොකිරීම නිසා” එනම් නේපාලයේ අපරාධ චෝදනා එල්ල වී නොතිබීම නිසා මෙම පිටුවහල් කිරිම සිදුකළ බවට නේපාල බලධාරීන් තීරණය කළ බව ද ඒවායේ දක්වා ඇත.

ඒ අනුව මෙය මෙහෙයුමක් නොව පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන් රැගෙන ඒමට මෙරට ආරක්ෂක අංශ කටයුතු කිරීමක් බවට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් දක්වන අදහස් සාවද්‍ය බවත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසට පිටුවහල්කිරීම ක්‍රියාත්මක කර ඇත්තේ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවත් ඊට ප්‍රධාන ලෙසම ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවී ඇති බවත් FactSeeker අනාවරණය කරගන්නා ලදී.