නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර හට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වී ඇති ආකාරය FactSeeker හට නිරීක්ෂණය විය.
by Anonymous |
සැප්තැම්බර් 24, 2025

විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පවතින සිදුවීම නැවත අලුත් කරමින් නියෝජය අමාත්‍යවරයෙකුට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා විසින් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබදව කතානායකවරයා 2025.09.10 වන දින පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදී. අගෝස්තු මස 12 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් කතානායකවරයාට භාරදෙනනු ලැබීය.මෙම විශ්වාසභංගය ඉදිරිපත්කිරීමට හේතුව ලෙස ඉදිරිපත් කළේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නැගෙනහිර පළාත භාර ආඥාදායකවරයා ලෙස සේවය කරමින් සිටියේ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වීමයි. මේ නිසා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ෂණ සම්බන්ධයෙන් ඇතිවිය හැකි සැකයන් වැළැක්වීම සහ විමර්ෂණයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ තනතුරේ රැදී නොසිටිය යුතු බවට විපක්ෂය මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
විශ්වාසභංගය භාරගැනීමෙන් පසුව කතානායකවරයා 2025.08.19 වන දින දැනුම්දෙනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. ඒ අනුව මෙම ප්‍රතික්ෂේපකිරීම සිදුවිය.
https://www.facebook.com/share/v/1JNR7hkoob/
ආණ්ඩු පක්ෂයෙන් මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් වූ අතර සභානායකවරයා පවසා සිටියේ පාර්ලිමේන්තු නීතිරීති වලට අනුකූලව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන ඔ්නෑම විශ්වාසභංගයක් විවාද කිරීමට එකග බවයි. 2025.09.11 දින සභානායකවරයා දැක්වූ අදහස් අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තනතුරක් දරන පුද්ගලයෙකුට පමණි. එසේ නොමැති නම් ඉදිරිපත් කළ හැක්කේ හෙළා දැකීමේ යෝජනාවක් බවද ඔහු සදහන් කරයි.එමෙන්ම මීට පෙර අවස්ථාවලදීද මේ ආකාරයේ ප්‍රතික්ෂේපවීම් සිදුව ඇති බවත් ඊට උදාහරණ ලෙස 2007.10.02 වන දින ජෝසප් මයිකල් පෙරේරා විසින් එවකට කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා වූ මර්වින් සිල්වා මන්ත්‍රීවරයාට ගෙන ආ යෝජනාව පිළිබදව ද පවසා සිටියේය.
කතානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය. තමන් මෙම තීරණය දැනුම් දෙන්නේ පාර්ලිමේන්තු නීතිය , ලෝක සම්ප්‍රදාය සම්බන්ධව අධ්‍යයනයකින් බව ද කතානායකවරයා පැවසුවේය.
ස්ථාවර නියෝග යටතේ මේ පිළිබද ප්‍රශ්න කිරීමට ගයන්ත කරුණාතිලක හා දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කළේය. ඔවුන් පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට හැකි බවත් විවාදයකට ගෙන නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්ප්‍රදායට පටහැණි ක්‍රියාවක් බවයි.
ඒ අනුව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී උපුටා දක්වන ලද වගන්ති මෙසේයි.
46.(1) ජනාධිපතිවරයා විසින් ,අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා , අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමෙහි ලා සහය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේය.
46.(2) අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ අමාත්‍යවරයකු විසින් ඔහු වෙත පවරා ඇති යම් විෂයයකට හෝ කාර්‍යයකට අදාල යම් බලයක් හෝ කාර්‍යයක් හෝ යම් ලිඛිත නීතියක් ඔහු වෙත පැවරී ඇත්තා වූ හෝ නියම කරනු ලැබ ඇත්තා වූ බලතල කිසිවක් හෝ කාර්‍යයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් තම නියෝජ්‍ය අමාත්‍යවරයාට පවරා දිය හැකි අතර , එකී අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්‍යය පවරන්නා වූ හෝ නියම කරන්නා වූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සදහන් වුවද , එකී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් , එසේ පවරා දෙනු ලැබූ යම් බලයක් හෝ කාර්‍යයක් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යනුකූල වන්නේය.
කතානායකවරයා විපක්ෂයේ ප්‍රශ්න කිරීම් හමුවේ අවධානයට ගන්නා ලෙස විපක්ෂයට සදහන් කළ වගන්තිය මෙසේයි
47.(3) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් , අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්
අ: අග්‍රාමාත්‍යසරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් , ඉවත් කරනු ලැබුවහොත්
ආ: ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් : හෝ
ඇ: තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුණහොත්,
මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද , ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.
මේ සම්බන්ධයෙන් පවතින පරස්පර අදහස් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ නීතිමය පසුබිම සහ ඊට ඇති අවස්ථාවන් පිළිබදව FactSeeker සොයා බැලීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීති විචාරකයෙකු වන ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළේය. ඔහු සදහන් කළ කරුණු අනුව මේ සම්බන්ධයෙන් වන පසුබිම මෙසේයි.
විධායකය සහ වගකීම
ඔහු පැවසූ පරිදි විධායකය ලෙස හදුන්වන ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සාමූහික වගකීමක් (Collective responsibility) ඇත.
විධායකය හා සම්බන්ධ මූලික වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරයාටය.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විමසන ප්‍රශ්න සදහා අදාළ ක්ෂේත්‍රය හා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන්නේද ඔහුය. නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙන්නේ අමාත්‍යවරයා නොමැති අවස්ථාවකදී පමණක් වේ. නමුත් විෂයපථයට නම් කරන ලද කාර්යය පටිපාටියක් ඇත.
ඇතැම් අවස්ථාවලදී අමාත්‍යවරුන්ගේ විශ්වාසය පිළිබද ගැටලු , නීති රීති උල්ලංඝනය , ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නේනම් හෝ ව්‍යවස්ථාදායකයට අදාළ ස්ථාවර නියෝග කඩ කළේනම් වැනි හේතූන් මත විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක.නමුත් මෙම අවස්ථාවේදී මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට වීම නිසා ගැටලු සහගත වී ඇති බවද ඔහු සදහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කෙරෙන විශ්වාසභංගය
ඔහු සදහන් කරන පරිදි මූලිකවම ඔහු විධායකයේ කොටසක් නොවන බැවින් ( අමාත්‍යවරයෙකු නොවන නිසා ) වලංගු නොවේ. තවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තනතුර දරන කාලයේදී මෙම සිදුවීම සිදුවී නැත. එමෙන්ම මේ සම්බන්ධව ස්ථාවර නියෝග වල හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් නොවේ. අප රටට ආදර්ශ වී ඇති බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තුළද මේ ආකාරයේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පැහැදිලි නීති පත්‍රයක සදහන් වීමක් නොමැත. නමුත් අ(ර්)ස්කින් මේ (Thomas Erskine May) විසින් රචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පරිපාලන නීතිය නැමැති ග්‍රන්ථයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය විධායකයේ කොටසක් නම් , විධායකයට අදාළ කාර්යයක් කරන්නේ නම් ඊටද විශ්වාසභංගයක් ගෙන ඒමේ හැකියාව ඇති බව දක්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සැලකුවහොත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සැලකීමේදී යම්කිසි ගැටලුවක් ඇතිවූ කළ පත්කරන ලද කමිටුවක් මගින් විමර්ෂණය කොට පළමුව චෝදනාපත්‍රයක් ලබාදිය යුතුයි.ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගතහැක.
මේ කරුණු අනුව නීති විචාරකයෙකු වන ප්‍රතිභා මහානාමහේවාගේ අදහස් දැක්වීම් තුළින් පැහැදිලි කරගනු තැබූ කරුණු කිහිපයකි.
- නියෝජ්‍ය අමාත්‍යවරයාට විධායකයේ වගකීමක් නොමැත.
- නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංගයක් ගෙන ඒමට තහනමක් හෝ නොහැකියාවක් නොමැත.
- කතානායකවරයාට තත්වය සලකා බලා නීතිමය උපදෙස්ද ගෙන අධ්‍යනයකින් පසුව විශ්වාසභංගය සම්බන්ධයෙන් අභිමතය පරිදි තීන්දුවක් ඉදිරිපත් කළ හැක.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන නිසාම් කාරියප්පගෙන් ද විමසීමක් කළේය. විශ්වාසභංගය යන සංකල්පය පිළිබදව පැහැදිලි කරමින් ඔහු පවසා සිටියේ පොදු රාජය මණ්ඩලීය රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි පාර්ලිමේන්තු බහුතරය නොමැතිවීම හේතු කොටගෙන අගමැති හෝ කැබිනට් මණ්ඩලයට සාමූහිකත්වයකින් විශ්වාසභංගයක් ගෙනැවිත් ඉවත්වීමට හැකියාව ඇති බවයි.
පාර්ලිමේන්තුව තුළ සිටින කිසිවෙකුට විශ්වාසභංගයක් ගෙන ඒමට නීත්‍යානුකූල විධිවිධාන කොතැනක හෝ නොමැතිවීම නිසා එසේ ඉදිරිපත් කිරීම මෙතෙක් කල් රදා පැවතී ඇත්තේ දේශපාලන සංස්කෘතිය හා සම්ප්‍රදාය මත පමණක් බව ඔහු සදහන් කළේය. එමෙන්ම විශ්වාසභංගය ඉදිරිපත් කිරීම සහ විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතු තනතුරු සහ නොකළයුතු තනතුරු සම්බන්ධව ද කිසිදු ආකාරයක නීතිමය ලිඛිත සටහනක් නොමැති බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ යම්කිසි ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ සිටින ඔ්නෑම මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය හෝ විශ්වාසය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ඇතිවුවහොත් ඒ සදහා වන උත්තරීතර සභාව යැයි සලකන පාර්ලිමේන්තුව තුළ අදාල මන්ත්‍රීවරයාට විරුද්ධව යෝජනාවක් ගෙනැවිත් විවාද කිරීමේ හැකියාව මේ අනුව පවතින බවයි.
නීති විචාරක ප්‍රතිභා මහානාමහේවා සදහන් කරනු ලැබූ අ(ර්)ස්කින් මේ (Thomas Erskine May – 1815-1886) විසින් රචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා පරිපාලන නීතිය (A treatise upon the law, privileges, proceedings and usage of Parliament – 1844) නැමැති ග්‍රන්තය පිළිබදව පරිශීලන කිරීමේදී අන්තර්ජාලය හරහා ලබාගත් තොරතුරු අනුව විශ්වාසභංගය හා නුසුදුසු වීම සම්බන්ධයෙන් වන ඇතැම් කරුණු අනාවරණය විය.
මෙම ග්‍රන්ථයේ 25 වන සංස්කරණය (25th Edition ) තුළ 18 වන පරිච්ඡේදයේ අමාත්‍යවරුන් සහ විශ්වාසභංග යෝජනා පිළිබදව සදහන් වෙයි. එම කරුණු අනුව
https://erskinemay.parliament.uk/
18.44 – සමස්ත රජයම අභියෝගයට ලක්කරන යෝජනාවක් විපක්ෂ නායකයා විසින් ඉදිරිපත් කළහොත් රජය එම යෝජනාව විවාදයට ගැනීමට දිනක් වෙන් කිරීම සම්ප්‍රදායකි.
එහිම තනි අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විවේචනය කරන යෝජනා සමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනා ලෙස නොසලකන බව සදහන් වේ. එවැනි යෝජනා බොහෝවිට විවාදයට ගනු ලබන්නේ විපක්ෂයට වෙන්කර ඇති කාලයේදීය.
එමෙන්ම මෙම ග්‍රන්ථය තුළ විශ්වාසභංගයක් ප්‍රතික්ෂේප කිරීමට ඇති ආකාර පිළිබදව විමසා බැලූ අතර විශ්වාසභංගයක ක්‍රියා පටිපාටිය
- යෝජනාව ඉදිරිපත් කිරීම
- විවාදය
- ඡන්ද විමසීම ලෙස පියවර 3කි.
තනි අමාත්‍යවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන යෝජනා සදහාද මෙම ක්‍රියා පටිපාටිය අදාළ විය හැකි බවත් ඡන්ද විමසීමකින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් එම අමාත්‍යවරයාට සිය ධූරය දැරීමට ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බවද මෙහි ඇතුළත් වන බව අන්තර්ජාලය ඔස්සේ මෙම ග්‍රන්ථය පිළිබදව සොයා බැලීමේදී තහවුරු විය.
ඒ අනුව සාමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිය විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව කලානායකවරයා විසින් අධ්‍යනය කොට නීතිමය උපදෙස්ද රැගෙන ප්‍රතික්ෂේප කිරීම යන සිදුවීම හා සම්බන්ධ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සහ එය විවාදයට ගැනීම , ප්‍රතික්ෂේප කිරීම යන කරුණු සම්බන්ධයෙන් වන නීතිමය පසුබිම පිළිබදව FactSeeker විමර්ෂණයන් තුළින් මෙම කරුණු අනාවරණය කරගනු ලැබීය.