ජනපති අනුරගේ ජර්මනියේ සංචාරය පෞද්ගලික සංචාරයක් ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මනියේ සංචාරය, නිල සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බව හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු කළේය
by Anonymous |
අගෝස්තු 26, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ ජනාධිපතිවරයා හමුවුණ ද එම සංචාරය පෞද්ගලික සංචාරයක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහිදී ප්‍රකාශ කළා ය.
ඉකුත් 23 වෙනි දින News center යූ ටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී මංජුල බස්නායක මෙහෙයවන සම්මුඛ සාකච්ඡාවකදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම අදහස් පළ කර තිබිණි.
එය මෙතැනින් – https://x.com/SPriyawickrama/status/1959940313742729480
මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී තිබූ නිසා ඒ පිළිබදව සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.
ඒ අනුව අපි, මේ හා සම්බන්ධයෙන් වන නිල වාර්තා පිළිබදව අවධානය යොමු කළෙමු.
විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හා ජනාධිපති මාධ්‍ය අංශයේ නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී මේ සම්බන්ධව කර තිබූ පළකිරීම් සොයා ගැනීමට හැකිවිය.
2025.06.11 සිට 2025.06.13 දින දක්වා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වී තිබිණි. මෙම සංචාරයේදී බර්ලිනයේ බෙල්වීව් මාලිගයේදී ජර්මානු සන්නද්ධ හමුදාවන් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන පෙළපාලියකින් ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සවාකාරයෙන් පිළිගෙන ඇත. ඒ ආකාරයෙන් ගෞරව පෙළපාලි පිරිනමා ජනාධිපතිවරයා පිළිගෙන තිබූ බැවින් මෙය නිල වශයෙන් සිදු කළ සංචාරයක් බව පැහැදිලිය. එමෙන්ම එම සංචාරයේ න්‍යාය පත්‍රය ද රාජතාන්ත්‍රික හමුවිම් ද පැහැදිලිව දක්වා තිබුණි.
ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරන ආකාරයට මෙය පෞද්ගලිකව සිදු කළ සංචාරයක් නොවන බව පැහැදිලිය.
මේ අතර නැවතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මාධ්‍යයට කළ ප්‍රකාශයක් ද News Center නාලිකාව ඊයේ (25) පළ කර තිබිණි. මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදහස් දක්වා තිබූ අතර එහිදී ඇය ප්‍රකාශ කර සිටින්නේ වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධ වූ ජර්මනිය නිල සංචාරය රාජතාන්ත්‍රික සංචාරයක් මෙන්ම සිය පක්ෂයේ ගමනක් ද මෙහිදී ගොස් තිබෙන බවයි.
එය මෙතැනින් – https://x.com/NewsCenterLk/status/1959983970826994052
අපි මෙහිදී ජනාධිපතිවරයා පක්ෂයේ කටයුත්තක් සඳහා ද මෙම සංචාරයේදී ගියේදැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසුවෙමු. එහිදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න පෙරේරා ප්‍රකාශ කළේ, සංචාරයේ අවසාන දින (ජුනි 13) ජර්මනියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමක් තිබුණු අතර ජර්මනියේ වෙසෙන ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් මෙම හමුවීම සංවිධානය කර තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයේ ද නිල සංචාරයේ අවසන් දිනයේ ජර්මනියේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිත බව දක්වා තිබුණි.
එමෙන්ම එම අවස්ථාවේ ඡායාරූප ද මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි. https://www.facebook.com/share/p/1EnkfUMpLW/
මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තෙදින ජර්මනියේ සංචාරය රාජතාන්ත්‍රික සංචාරයක් බවත් එහිදී ශ්‍රී ලාංකිකයන් සමග පැවති හමුව නිල වශයෙන් සිදුවූවක් බවත් Fact Seeker තහවුරු කරයි.