Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

Factual
Factual

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට මෙරට රජය සැළසුම් කර ඇත.

by Anonymous |

අප්‍රේල් 4, 2025

මෙම ආරක්ෂිත වැඩපිළිවෙළට සමගාමීව කොළඹ නගරයේ වීදි සුනඛයන් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව  සත්ව හිංසනයට එරෙහි සංවිධාන එක්ව ඊයේ (03) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබිණි.

එම උද්ඝෝෂණයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝවක් නිරීක්ෂණය වුණි. ඉන්දීය අගමැතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් වීදි සුනඛයින් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන තිබේද? යන්න පිළිබඳව Factseeker විමසා බැලීය.

එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/wiELQrRjOLk

මෙම තීරණය පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේද? යන්න සොයා බැලූ අතර එවැන්නක් හමු නොවුණි. නමුත් සත්තව හිංසනයට එරෙහි සංවිධාන එක්ව පැවැත්වූ උද්ඝෝෂණය ඔවුන් ද වාර්තා කර තිබිණි.

මෙම පළකිරීම් තුළ බොහෝ පරිශීලකයින් දක්වා තිබුණේ එය සමාජීය වශයෙන් යහපත් බවයි. එසේ වුවත් සුනඛයින් ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී මරා දැමීමට කටයුතු කරන්නේ නම් එය වැරදි ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙම උද්ඝෝෂණයේ නියලෙන්නන් වැඩිදුරටත් සඳහන් කරන්නේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීම හේතු කරගෙන වීදි සුනඛයින් ඉවත් කිරීමට ගත් තීරණය ඉතාම කුරිරු තීරණයක් සහ අනවශ්‍ය දෙයක් බවයි.

මේ සම්බන්ධයෙන් Factseeker සත්ව සුභසාධක සංසදයේ කාරක සභික ගිහාන් දිනුෂ්කගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සුනඛයින් ඉවත් කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් නිරීක්ෂණය වීමෙන් පසු කොළඹ මහ නගර සභාවෙන් ඒ පිළිබඳ විමසීමක් කළ බවයි.  සුනඛයින් අල්ලා ගෙන පැමිණි බව ඔවුන් එහිදී තහවුරු කළ බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණෙන බැවින් වීදි සුනඛයින් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ ද? යන්න පිළිබඳව FactSeeker  කොළඹ මහ නගර සභාවෙන් විමසීය. එහිදී කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ, ඕනෑම රාජ්‍ය නායකයෙකු පැමිණෙන විට මෙම වීදි සුනඛයින් ඉවත්කිරීම කාලයක සිට කරන බවයි. එමෙන්ම එන්නත්කරණය නොකළ සුනඛයින්ගෙන් ජලභීතිකාව වැළඳීමට අවකාශ ඇති බැවින් එවැනි සුනඛයින් ඉවත් කිරීමට නීතිමය වශයෙන් හැකියාව ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට සැළසුම් කර තිබෙන නිසා ඒ අවට වීදි සුනඛයින් ඉවත්කිරීමට කටයුතු කර ඇති බව ද පැවැසීය.

ඒ අනුව FactSeeker කළ විමර්ෂණයෙන් පැහැදිළි වන්නේ, මෙලෙස වීදි සුනඛයින් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට දැක්වෙන පුවත සත්‍ය බවයි. එමෙන්ම එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම වෙනුවෙන් සිදුකරන බවත් මීට පෙර ද රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණීමේ අවස්ථාවලදී සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය සිදුකර ඇති බවත් FactSeeker තහවුරු කරගනු ලැබීය.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

මැයි 20, 2025

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

ජනවාරි 22, 2025

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

දෙසැම්බර් 11, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection