Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

Factual
Factual

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී සමූපකාර සමිතිවල නිලවරණ පැවැත්විය නොහැකි බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පසුගිය 19 දා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළේ ය.

by Anonymous |

මාර්තු 24, 2025

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සමූපකාර සමිතිවල නිලවරණය නොපවත්වන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබියදී පසුගිය 16 වෙනි දින වීරකැටිය සමූපකාර සමිතියේ නිලවරණය පැවැත් වූ බවයි.

එම ප්‍රකාශය මෙතැනින් – https://youtu.be/AJEZBAAKvWk?t=24966

ඒ සඳහා පිළිතුරු දුන් ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ප්‍රකාශ කළේ, වීරකැටිය සමූපකාර සමිතියේ නිලවරණය පැවැත්වූයේ 2024 දෙසැම්බර් 29 වෙනි දින බවත් මාර්තු 16 දා පැවැත්වූවේ එහි මහා සභා රැස්වීම බවත් ය.

එම ප්‍රකාශය මෙතැනින් – https://youtu.be/AJEZBAAKvWk?t=26145

මේ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාගේ අදහස් පරස්පර වීම නිසා Factseeker ඒ සම්බන්ධයෙන් සොයා බැලීය.

අපි මේ සම්බන්ධයෙන් හම්බන්තොට සමූපකාර කොමසාරිස් කාර්යාලයෙන්  කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, වීරකැටිය සමූපකාර සමිතියේ නිලවරණය ඉකුත් දෙසැම්බර් 29 දා පැවැති අතර මාර්තු 16 වෙනිදා පැවැත්වූයේ එහි මහ සභා රැස්වීම බවයි.

1977 දෙසැම්බර් 28 වෙනි දින නිකුත් කරන ලද 297/7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව සමූපකාර සමිති නිලවරණය පැවැත්වෙයි. මෙම නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම, නිලවරණය පැවැත්වීම සහ මහා සභාව රැස්වීම දින තුනකදී සිදු වෙයි.එහිදී සමූපකාර  සාමාජිකයින් 100 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් මහා සභාව පිහිටුවනු ලබයි.

නිලවරණයේදී පිහිටුවා ගනු ලබන මහා සභාවේ සමාජිකයින් 100 දෙනා අතුරෙන් හත් දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරයි. යම් අවස්ථාවකදී අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා හත් දෙනෙකුට වැඩි සංඛ්‍යාවකගේ නම් යෝජනා වී තිබුණහොත් මහා සභා රැස්වීමේදී ඡන්ද විමසීමක් පවත්වා හත් දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරයි.

මේ අතර තුර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කෙරිණි. එම නිසා සියලුම වීවිධ සේවා සමූපකාර සමිතිවල නිලවරණ අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම පළාත් සමූපකාර කොමසාරිස්වරුන්ට ලිඛිතව දන්වා තිබිණි.

එහිදී නිලවරණ පවත්වා අවසන් කර ඇති සමූපකාර සමිතිවල මහා සභාව පැවැත්වීම සඳහා අවසර දෙන ලෙස දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් 2025 මාර්තු 10 වෙනි දින ලිපියක් මගින් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව නිලවරණ පවත්වා අවසන් කර ඇති විවිධ සේවා සමූකාර සමිතිවල මහා සභා රැස්වීම පැවැත්වීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා අවසර දී ඇත. ඒ සඳහා වන ලිපිය හම්බන්තොට දිසිත්‍රික් මැතිවරණය කාර්යාලය මගින් 2025.03.14 වෙනි දින පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ට යවා ඇත.

ඒ අනුව ඉකුත් 16 දින පවත්වා ඇත්තේ වීරකැටිය විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභා රැස්වීම වන අතර නිලවරණය පැවත්වූ බවට දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය බව Factseeker තහවුරු කරයි.

 

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

ජූලි 26, 2024

ජනපතිවරණය පැවැත්වීම කල් යන බවට පළවන පුවත් අසත්‍යයි.

ජූලි 25, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection