Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නැයි අගමැතිනිය නියෝග කළා ද?

Factual
Factual

පාසල්වලට දේශපාලනඥයින් නොගන්නා ලෙස තමා නීතියක් පනවා නැතැයි අගමැතිනි හරිනි අමරසූරිය පසුගිය 12 දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමාජ මාධ්‍ය වේදිකාවල කතා බහක් ඇති වී තිබුණි.

by Anonymous |

මාර්තු 14, 2025

පාසල්වල පවත්වන උත්සවවලට  දේශපාලනඥයන් ගෙන්වීම තහනම් බව අගමැතිවරිය පවසා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේ ය.

https://www.youtube.com/live/g7hqbnqWMA0?si=1_l6taK-9mzHGZfH&t=30368

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, තමා එවැනි නීතියක් පනවා නොමැති බවත් දේශපලඥයින් සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් ඉල්ලීමක් පමණක් කළ බවයි.

ඒ අනුව Factseeker මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශ කර බැලීය.

අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ අවස්ථාව මේ අනුව විමසුමට ලක් කළේය.

එම වීඩියෝව මෙතැනින්

https://www.facebook.com/watch/?v=1973110526469774&rdid=HvK0e5iJwvpzvCvn

මෙහිදී ඇය සඳහන් කරන්නේ අනවශ්‍ය ලෙස දේශපාලඥයින් පාසල්වල කටයුතු සඳහා සම්බන්ධ කර නොගත යුතු බවයි. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවැනි  ප්‍රකාශයක් කර ඇති බවත් එය යෝජනාවක් ලෙසින් ගෙනෙන බවත් මෙහිදී  පැහැදිලි විය.

පසුව එය නීතිමය වශයෙන් තහනම් කර ඇතිද යන්න පිළිබඳව විමර්ෂණය කර බැලීය.

එහිදී අගමැතිනි හරිනි අමරසූරිය 2024 සැප්තැම්බර් මස 25 වෙනි දින අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය හමු විය.

 

එම නිවේදනය මෙතැනින් – https://www.pmoffice.gov.lk/news.php?para=RU5vekFVR2dpQTd2VGRiMkZUNE4wTERha1RFaG1UbFhaNDFydlJnNWQwZ3hvK0Y2R2x3ZVBWSlRLYm1jQzh1bg==

එහි ” දේශපාලනඥයින් පාසල් වලට ගෙන්වීම වහාම නතර කරන්න ” යනුවෙන් විශේෂ කොට දක්වා ඇත.

 

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර දින 3ක් වැනි කාලයක් ඇතුළත කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති හමුවකට සහභාගි වීම නිසා සමාජ මාධ්‍ය හි පළවූ පෝස්ටු සම්බන්ධයෙන් ද මීට පෙර Factseeker විමර්ශණයක් කළේය.

එය මෙතැනින් – https://factseeker.lk/sinhala/news/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%a5%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%81/

මේ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවැනි නීතියක් හෝ නියෝගයක් පනවා නැති බව පැැදිළි ය.

නමුත් ඊට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ එය වහාම නතර කරන ලෙස දක්වා ඇති බැවින් එය යෝජනාවක් ලෙස නොව නියෝගයක් බව පහැදිළි වෙයි.

ඒ අනුව පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් ගෙන්වීම තහනම් කරමින් අගමැති හරිනි අමරසූරිය නීතියක් පනවා ඇතැයි ඩී.වී.චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ද අගමැතිනිය එවැනි නීතියක් පනවා නැතැයි Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ෆේස්බුක් පරිශීලකයින්ට වට්ස්ඇප් ඔස්සේ එන අවවාදාත්මක පණිවිඩ ව්‍යාජයි

මැයි 19, 2025

#false

හයේෂිකා ප්‍රනාන්දු උපකාරක පන්ති දේශකවරිය ඇගේ පිළිම අලෙවි කර නෑ

මැයි 19, 2025

#Factchecked

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

#fake

කම්කරු දෙපාර්තමේන්තුව, මෙරට බැංකු සහ වෙළඳ ජාලයන් එක්ව අර්ධකාලීන රැකියා ලබා දෙන බවට පළ වන ප්‍රචාරණ අසත්‍යයි!

මැයි 9, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

අප්‍රේල් 24, 2025

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

අප්‍රේල් 1, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection