‘සම්බාහනය’ සිදුවී ඇත්තේ සාමාන්‍ය දුම්රියක් තුළ නොවේ

"විදේශ සංචාරකයන්ට දුම්රිය සේවයෙන් පටන් ගත්ත අලුත්ම වැඩේ" යන ශීර්ෂයෙන් ජනවාරි තෙවැනි සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් සම්බන්ධයෙන් FactSeeker හි අවධානය යොමු වූ අතර එම පුවත සම්පාදකයින්ගේ අභිලාෂය වී තිබුණේ සංචාරකයින් සඳහා දුම්රිය මැදිරි තුළ සම්බාහන සේවාවක් අලුතින් අරඹා ඇති බව සන්නිවේදනය කිරීම බවද පෙනෙන්නට තිබුණි.
by Anonymous |
මාර්තු 5, 2025

වීඩියෝව නැරඹූ විශාල පිරිසක් එවැනි සම්බාහන සේවාවක් ඇරඹීම පිළිබඳව විවිධ අදහස් ද පළකර තිබූ අතර පුවත ගැන යම් අවිනිශ්චිතතාවක් හැඟවෙන වාර්තා ද ඒ අතර විය.
https://puthiyakural.lk/2025/01/17/what-country-is-this-in-408
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත් පෝස්ටු කිහිපයක් පහතින් දැක්වේ.
https://www.facebook.com/share/v/1XaKSaxXvh/
https://www.facebook.com/share/v/1C8ufnfG6U/
https://www.facebook.com/share/v/1ADnWcaLM1/
https://www.facebook.com/share/v/1ABSGdbrBL/
https://www.instagram.com/tv/DE5pj3_tA1N/
ජනවාරි මස 17 වන දින පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් කරුණු විමසූ විට, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර ප්‍රකාශ කර තිබුණේ “ශ්‍රී ලාංකිකයෙකු ලෙස සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙකු ලෙස සැලකූ විට එය අවමානයක් බවත්, එහෙත් එය සිදුවී ඇත්තේ සාමාන්‍ය දුම්රියක නොව සංචාරකයින් සඳහා වෙන්කරගත් දුම්රියක් තුළ” බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස තමා ඉල්ලා ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහි සබැඳිය පහතින්.
https://youtu.be/43YbPPeqZNs?t=220
ඒ අනුව අප එම විමර්ශන වාර්තාව පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් කරුණු විමසූ අතර අප විමසීම් කරන විටත් ඔහු වෙත එම වාර්තාව ලැබී නොතිබිණි.අපගේ ඉල්ලීම ලිඛිතව යොමු කරන ලෙසද සාමාන්‍යාධිකාරිවරයා අපෙන් ඉල්ලා සිටියේය.
2025.01.21 දින FactSeeker විසින් යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට 2025.02.14 දින දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය (වාණිජ) අධිකාරි සහ තොරතුරු නිලධාරී අයි. එල්. ඩී. සී. ගුණසේකර විසින් ප්‍රතිචාර දක්වා තිබූ අතර ඒ අනුව අදාළ සිදුවීමේ පසුබිම සංෂිප්තව මෙසේය.
වීඩියෝවලින් දැක්වෙන දුම්රිය 2025.01.15 දින පිළිමතලාව සිට කොළඹ දක්වා ධාවනය කර තිබේ. එම දුම්රිය පෞද්ගලික ආයතනයක් විසින් වෙන් කරවා ගත් විශේෂ දුම්රියකි.
යම් ආයතනයක් හෝ පුද්ගලයින් සඳහා විශේෂ දුම්රියක්/ දුම්රිය මැදිරියක් වෙන් කරන්නේ නම් ප්‍රථමයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) කාර්යාලය වෙත ප්‍රමාණවත් කාල සීමාවකට පෙර (අවම සති 03 ට පෙර) ලිඛිතව ඉල්ලීම් කළ යුතුය. ඉන් පසු එම ඉල්ලීම ඉටු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා දෙපාර්තමේන්තු මටටමින් ලිඛිත අවසරය ලැබුණු පසු අදාළ ගාස්තු අය කිරීමෙන් පසු ඉල්ලීම ඉටු කරනු ලැබේ. මෙම සිදුවීමේදීද ඉහත නිශ්චිත පටිපාටිය අනුගමනය කර ඇති බව දුම්රිය නියෝජ්‍ය (වාණිජ) අධිකාරිවරයා සනාථ කර තිබේ.
මෙම විශේෂ දුම්රිය ලබාදීමේදී ඒ සඳහා අමතර සේවාවන් ලබා දී නොමැති අතර මගී ප්‍රවාහනය සඳහා පමණක් අවසර ලබා දී ඇත.
ශරීර සම්බාහනය සිදු කිරීමෙන් මෙම සංචාරයට යොදාගත් දුම්රියේ මගී ආසනවලට හානි සිදු වී නොමැති බව දුම්රිය මූලස්ථානය තහවුරු කරන අතර, එබැවින් එම සිදුවීමට අදාළව හානි පූරණය කිරීමක් සිදු කර නොමැති බවද ඔහුගේ ප්‍රතිචාරයෙන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මෙම දුම්රිය මැදිරි සම්බාහන කටයුතු සඳහා යොදාගැනීමට අවසර ලබාගෙන නොමැති බවද එම ප්‍රතිචාරයෙන් වැඩිදුරටත් තහවුරු කර තිබේ.
අපගේ කරුණු විමර්ශනය අනුව, සංචාරකයින් සඳහා දුම්රිය මැදිරි තුළ සම්බාහන සේවාවක් අලුතින් අරඹා ඇති බවට හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් නොමගයවනසුලු බව FactSeeker තහවුරු කරන අතර එම සිදුවීම සත්‍ය වුවද එය සාමාන්‍ය මගී දුම්රියක් තුළ සිදුවූ සිද්ධියක් නොව
සංචාරකයින් සඳහා පමණක් වෙන්වූ දුම්රියක් තුළ සිදුවී ඇති සිදුවීමක් බව ඉහත ප්‍රතිචාර අනුව වැඩිදුරටත් සනාථ වේ.