චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

උතුරු චීනයේ මේ වන විට පැතිර යන HMPV (Human Meta pneumo virus) වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ විවිධාකරයේ පුවත් සංසරණය වෙමින් තිබේ. ඒ අතර චීනයේ එවැනි කිසිඳු වෛරසයක් පැතිර නොයන බව සදහන් tiktok වීඩියෝවක් FactSeeker ට හමුවිය.
by Anonymous |
ජනවාරි 6, 2025

එම වීඩියෝව මෙතැනින්: https://vt.tiktok.com/ZS6ywBdar/
මෙම වීඩියෝවේ සිටින පුද්ගලයින් කිහිපදෙනෙකු ම චීනයේ එවැනි කිසිදු වෛරසයක් පැතිර නොයන බවත් එය ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවලින් සිදු කරන බොරු ප්‍රචාරයක් බවත් ප්‍රකාශ කරයි. නමුත් මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ නිල ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් චීනය තුළ පැතිර යන HMPV (Human Meta pneumo virus) වෛරසය පිළිබඳ තොරතුරු යාවත්කාලින කරමින් තිබෙන බව දැකගත හැකිය.
එසේම ෆේස්බුක් මාධ්‍යයෙහි ද චීනයේ පැතිර යන මෙම වෛරසය ඉතා භායානක වෛරසයක් බව සඳහන් කරමින් පුවත් සංසරණය වන ආකාරය FactSeeker නීරීක්ෂණය කළේය.
නමුත් මෙම වෛරසය එතරම් භයානක නොවන සාමාන්‍ය ශ්වසන වෛරසයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසින්: https://www.facebook.com/share/p/15RgYji4FL/
එම සඳහනට අනුව චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus – HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් බවයි.
මෙහි ප්‍රධාන කරුණු වශයෙන්,
චීනයේ ශ්වසන රෝග වැඩිවීමට හේතුව මීට පෙර හඳුනාගත් වෛරසයන් වන අතර නව හෝ අසාමාන්‍ය වෛරස හඳුනාගෙන නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අනවරණය කර තිබිණිත මෙම තත්ත්වය සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන අතර, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් එම ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි.
මීට අමතරව HMPV වෛරසය එතරම් භයානක නොවන බව සඳහන් කරමින් The Hindu නිළ වෙබ් අඩවියේ සහ තවත් පුවත් පළවී තිබුණු ආකරය FactSeeker ට නිරීක්ෂණය විය.
එම පුවත මෙතනින් : https://www.thehindu.com/opinion/editorial/nothing-alarming-on-chinas-hmpv-cases/article69064326.ece
ද හින්දු නිළ වෙබ් අඩවියේ සඳහන් පරිදි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස මත මෙම තත්වය ඇති වන බවත් එය අසාමාන්‍ය වෛරස තත්වයක් නොවන බවයි.