Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

Factual
Factual

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පාසල් නිල ඇඳුම් මෙරටට ලබාගැනීම සඳහා මැදිහත් වූයේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ද නැත්නම් පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ද යන්න පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණි.

by Anonymous |

දෙසැම්බර් 17, 2024

මීට අදාළ කරුණු විමර්ශනය කිරීමට FactSeeker තීරණය කළේය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇඳුම් තොගය චීන තානාපති Qi Zhenhong මහතා විසින් සංකේතාත්මකව භාරදීම පසුගිය දෙසැම්බර් 10 වන දින කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ(CICT) දී සිදු විය.

ඒ පිළිබඳව පළ වූ නිල වාර්තා පහතින්.

http://lk.china-embassy.gov.cn/eng/xwdt/202412/t20241212_11543113.htm

https://bit.ly/3Dh2LJv

අග්‍රාමාත්‍ය කාර්යාල මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව රෙදි මීටර් මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් ගණන 4,640,086 කි. ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සමස්ත අවශ්‍යතාවයම මෙසේ ප්‍රදානයක් ලෙස මහජන චීන සමුහාණ්ඩුව විසින් ලබා දී ඇත.

මේ පිළිබඳව තවදුරටත් අප කළ සොයා බැලීමේදී අධ්‍යාපන අමාත්‍යංශය සිය නිල ෆේස්බුක් පිටුව මගින් 2024.09.18 දින නිකුත් කරන ලද පහත නිල නිවේදනය නිරීක්ෂණය කළ හැකි විය.

එහි දැක්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් චීන තානාපති සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43 කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබා දීමට නියමිත බවයි.

ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල එම තොග ලැබීමට නියමිත බවත්, මෙම නිල ඇඳුම් 100% ක් නොමිලේ හිමි වීම මගින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් බවත් එහි සඳහන් විය.

මේ සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 4 වනදා හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පෝස්ටුවක් පහත දැක්වේ.

මේ සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තු මැතිවරණ සමයේ කළ අදහස් දැක්වීමක් පහතින්.

https://www.facebook.com/share/r/18Ujyx8qUJ/

එමගින් දැක්වුණේ ඔහුගේ මැදිහත්වීම මත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 2023 වසර සඳහා 70%ක් ද, 2024 වසර සඳහා 80%ක් ද, 2025 වසර සඳහා 100%ක් ද වශයෙන් චීන රජයෙන් ලබාගැනීමට හැකි වූ බවයි.

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම සහ ෂින්හුවා පුවත් ඒජන්සියේ මෙහෙයවීම මත පවත්වාගෙන යන “The Belt and Road Portal”  චීන රජයට අයත් වෙබ් අඩවිය මගින් මෙම නිල ඇඳුම් රෙදි ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛන සනාථ කරයි.

එහි සබැඳිය පහතින්.

https://eng.yidaiyilu.gov.cn/p/0Q1R0H6I.html

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection