Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #true

කථානායක රන්වලගේ ආචාර්ය පදවිය වෙබ් අඩවියෙන් ඉවත් කළා ද?

Factual
Factual

කථානායක අසෝක සපුමල් රන්වලගේ නම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වූ ආකාරයේ වෙනසක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් පවතී.

by Anonymous |

දෙසැම්බර් 11, 2024

ඒ අනුව Factseeker එහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා  කළෙමු.

‍

සමාජ මාධ්‍ය සටහන් සමග අමුණා ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය උපුටා දැක්වූ තීරුවල දැක්වෙන ආකාරයට එහි Hon (Dr) Asoka Sapumal ලෙස දැක්වුණු කථානායකවරයාගේ නම පසුව Hon. Asoka Sapumal Ranwala ලෙස වෙනස් කර තිබේ.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ මේ වන විට මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ ඔහුගේ නම දක්නට ලැබෙන්නේ Hon. Asoka Sapumal Ranwala ලෙස බව අපට තහවුරු විය.

https://www.parliament.lk/si/members-of-parliament/directory-of-members/viewMember/3476

ඔහුගේ නම සඳහන් වන පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වෙනත් ස්ථාන පරීක්ෂා කිරීමේදී ඔහු කථානායක තනතුරට තේරී පත්වීම පිළිබඳව දැක්වෙන ප්‍රවෘත්තියෙහි ආචාර්ය අශෝක රන්වල ලෙස හඳුන්වා තිබිණි.

එම වෙබ් පිටුවල තිරූ පහතින්

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය තුළ අසෝක සපුමල් රන්වලගේ නම වෙනස් කර තිබේද? යන්න තහවුරු කරගැනීම සඳහා ඔහුගේ නම සඳහන් වෙබ් පිටුවල සංරක්ෂිත පිටපත් පවතී ද? යන්න ද අපි පරීක්ෂා කළෙමු.

එහිදී පහත වෙබ් පිටු අපට හමු විය.

https://archive.ph/JyEwy

https://archive.ph/MCFa8

https://archive.ph/45Qjg

අසෝක රන්වලගේ නම Google සෙවුම් යන්ත්‍රය හරහා parliament.lk වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ඔහු ආචාර්ය අසෝක රන්වල ලෙස හඳුන්වා දුන් අවස්ථා ගණනාවක් අපට නිරීක්ෂණය කළ හැකි විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනව කථානායකවරයා හමුවූ අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයෙන් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ද කථානායකවරයා හඳුන්වා දී තිබුණේ ආචාර්ය අසෝක රන්වල ලෙසයි.

ඒ අනුව, කථානායක අසෝක සපුමල් රන්වලගේ නම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වූ ආකාරයේ වෙනසක් සිදු කර ඇති බවට හුවමාරු සමාජ මාධ්‍ය සටහන් සත්‍ය බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධයෙන් අගමැති හරිනි සහ පා.ම. චාමර පාර්ලිමේන්තුවේදී පැවසූ කරුණු නිවැරදි ද ?

නොවැම්බර් 27, 2025

පාකිස්ථානයට අස්වාභාවික ගංවතුරක්

අගෝස්තු 20, 2025

වරංගනා කැකුළාවල ලොතරැයි දිනුමක් ලැබූ පුවත ඇත්තක්!

ජූලි 8, 2025

පාදෙණිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අත්හිටුවීමේ ලිපිය සත්‍යයි

මැයි 20, 2025

මෝදි අගමැතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට වීදි සුනඛයින් මැරුවාද?

අප්‍රේල් 4, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection