Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleding

හුවමාරු වන වීඩියෝව මාවතගම කුඹුරක දමා ගිය බිළිඳාගේ නොවෙයි

Misleading
Misleading

මාවතගම ප්‍රදේශයේ වෙල් යායක් අසල දමාගොස් සිටියදී සොයාගනු ලැබූ බිළිඳාගේ බව දක්වමින් සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් පිළිබදව FactSeeker අවධානය යොමු විය.

by Anonymous |

ජූලි 23, 2025

කුඹුරක ගසක් යට දමා ගිය බිළිඳෙකුගේ සිදුවීම මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද කතා බහට ලක් වූ පුවතකි.
කුරුණෑගල, මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ කුඹුරක දමා ගිය මෙම බිළිඳා සොයා ගැනීමට හැකි වූයේ ඉකුත් 17 වෙනිදා ය. පසුව මේ සම්බන්ධයෙන් බොහෝ පුවත් සහ තොරතුරු ප්‍රධාන මාධ්‍ය ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද සංසරණය විය.
මෙම බිළිඳාගේ මව සොයි ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණ ද ඇය පිළිබඳ මෙතෙක් තොරතුරක් සොයා ගැනීම නොහැකි වී තිබෙන බව මධ්‍ය වාර්තා පළ කර තිබිණි.

එම තත්වය එසේ තිබියදී එම බිළිඳාගේ මව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් එහිදී ඇය ලබාදුන් ප්‍රකාශය බව දක්වන වීඩියෝවක් සමාජ මාධය ඔස්සේ සංසරණය වන බව ද නිරීක්ෂනය විය. ඒ පිළිබද සොයාබැලීමේදී එය 2023 වසරේදී කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන “මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිළියක් තුළ දමාගොස් සිටියදී සොයාගනු ලැබූ බිළිදාගේ මවගේ ප්‍රකාශය බව අනාවරණය විය.

ඒ අතර එසේ සොයාගනු ලැබූ බිළිඳාගේ බව සඳහන් වීඩියෝවක් සහ ඉන් ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව Factseeker ට නිරීක්ෂණය විය

කෙසේ වෙතත් මේ වීඩියෝව සහ ඡායාරූප සම්බන්ධයෙන් පිළිගත හැකි සටහන් නොතිබූ බැවින් Factseeker මේ පිළිබඳව සොයා බැලීය.
මාවතගම බිළිඳාගේ බව සඳහන් මෙම වීඩියෝව ඒ අයුරින්ම 2025 මැයි මාසයේ දීද instagram සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බව අනාවරණය විය.


https://www.instagram.com/reel/DKKHp0RhGLH/?utm_source=ig_web_copy_link&fbclid=IwY2xjawLsAy9leHRuA2FlbQIxMABicmlkETFkMGN6WUZqMnNOaWk5MDNqAR5OQA82TVw3E_KopiNCzxlCyy108VgeUDqWL5LH7S_lD8cRzHx_icbwqanVlA_aem_t9ACMud-DMwpOVvEc1-lsA
තවදුරටත් මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම වීඩියෝව මුල්වරට හුවමාරු කර ඇත්තේ IHAAN💖 AIZEL යන instagram ගිණුම හරහා බව සොයා ගැනීමට හැකි විය. ඒ අප්‍රේල් මස 26 වෙනිදා ය.

එය මෙතැනින් –https://www.instagram.com/reel/DI5xm_mK6zE/?igsh=MXV6MjhmdXFoemFzMg%3D%3D

එසේම මේ සම්බන්ධයෙන් ඇතැම් පරිශීලකයින්ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් එක්කර තිබුණි.

ඒ අනුව මාවතගම වෙල් යායක අතහැර ගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම වීඩියෝව හා ඡායාරූප එම බිළිඳාගේ නොවන බව Factseeker තහවුරු කරයි.
මෙම කරුණු තුළින්  මෙම වීඩියෝව මාවතගම බිළිඳා හමුවීමට පෙර සමාජ මාධ්‍ය හරහා මුදාහරින ලද්දක් බව පැහැදිලි වේ.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පළාත් පාලන කොමසාරිස්ට අභිමතය පරිදි කටයුතු කිරීමට පනත මගින් බලය තිබේද?

ජූනි 19, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පිළිබඳ උපහාසාත්මක පළකිරීමක්

පෙබරවාරි 19, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection