Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හයේෂිකා ප්‍රනාන්දු උපකාරක පන්ති දේශකවරිය ඇගේ පිළිම අලෙවි කර නෑ

False
False

"ටීචර් අම්මා පිළිම හදලා: එකක් 25,000 ගාණේ විකුණලා" යන ශීර්ෂය සහිතව පුවත්පතක මුල් පිටුවේ පළවූ පුවතක් ඇතුල් පිටු වාර්තාවක්ද සමග ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අර්ථකථන සමග හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

මැයි 19, 2025

ටීචර් අම්මා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති උපකාරක පන්ති දේශකවරිය සිය ප්‍රතිමා නිර්මාණය කර අලෙවි කරන බව මෙම පුවත මගින් වාර්තා කර තිබිණි.

එය ̒ලංකාදීප පුවත්පතේ පිටු සැලසුම අනුව සකස් කර තිබෙන බව නිරීක්ෂණය වූ අතර එම පුවතෙහි ඉකුත් 12 වන දින ඊයේ ලෙස සඳහන් කර තිබූ බැවින් අපි 2025-05-13 වන දින ලංකාදීප පුවත්පත පරීක්ෂා කළෙමු. එහි මුල් පිටුවේ හෝ ඇතුළු පිටුවක එවැනි පුවතක් දැකිය නොහැකි විය.

මේ සම්බන්ධයෙන් FactSeeker ලංකාදීප කර්තෘ මණ්ඩලයෙන් විමසූ අතර ඔවුන් තහවුරු කළේ, මෙවැනි පුවතක් එදින ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මුද්‍රණයක පළ වූ බවයි. එම පුවත සඳහා පොලීසියේ උසස් නිලධාරියෙකු මූලාශ්‍ර කරගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම පුවතේ සඳහන් පරිදි හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඇය ප්‍රතිමා විකිණීමක් කළ බව වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග අප කළ විමසීමකදී සඳහන් කළේය.

FactSeeker මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අනිල් ප්‍රසංගගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මෙවැනි පිළිමයක් සම්බන්ධයෙන් ඔවුන් දැන ගත්තේ සමාජ මාධ්‍ය පෝස්ට්වලින් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

2025-04-19 දින හයේෂිකා ප්‍රනාන්දු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ වීඩියෝවක් FactSeeker සොයා ගත් අතර තමාගේ නමින් වන ප්‍රතිමා රුපියල් 25,000 බැගින් අලෙවි කරන බවට කරන ප්‍රචාර අසත්‍ය බව ඇය එහිදී ද සඳහන් කරන්නීය.

එම වීඩියෝව මෙතැනින්. (මිනිත්තු 40 තත්පර 43 සිට බලන්න.)

මේ අතර විවිධ ආගමික කරුණු සම්බන්ධයෙන් උපහාසාත්මක පෝස්ටු පළ කරන “සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ” නමැති “විනෝදාස්වාද වෙබ් අඩවියක් (Entertainment website)” ලෙස ස්වයං වර්ගීකරණය කර ගෙන ඇති ෆේස්බුක් පිටුවක් අපට නිරීක්ෂණය විය. එහි “හයේෂිකා ගුරුදෙවි පිළිම” රුපියල් 25 000 කට මිලදී ගත හැකි බව සඳහන් දැන්වීමක් පළ කර තිබෙන අයුරු නිරීක්ෂණය විය.

ලංකාදීප පුවත්පතේ ඉහත පුවත පළවීමෙන් පසුවද ඒ සම්බන්ධයෙන් තවත් උපහාසාත්මක පෝස්ටුවක් එම ෆේස්බුක් පිටුව මගින් පළ කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ෆේස්බුක් පිටුවට අදාළ සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ නමින් පවතින පිටුවෙහි පළ කර ඇති දුරකතන අංකයට ඇමතුව ද එහිදී ද පිළිගත හැකි තොරතුරක් හමු නොවුණි.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දු සිය පිළිම නිර්මාණය කර අලෙවි කරන බවට පළවන පුවත් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection