Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #fake
  • #false

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන නියෝජ්‍ය ඇමති චතුරංග නොකී කතා කිහිපයක්

False
False

ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ අන්‍යෝන්‍ය බද්ද(reciprocal tariff) සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිදු කළ ප්‍රකාශ බව දක්වමින් පළ කර තිබූ සමාජ මාධ්‍ය පළ කිරීම් කිහිපයක් වෙත FactSeeker අවධානය යොමු කළේය.

by Anonymous |

අප්‍රේල් 17, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එක් පෝස්ටුවක් මගින් දැක්වුණේ “අපිට පැනවූ බදු ඉවත් නොකලහොත් ඇමරිකානුවන්ට ඉන්න වෙන්නෙ යට ඇඳුම් නැතිව” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. IRI News පුවත් වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුවේ ග්‍රාෆික ආකෘතිය හා irinewslk.com දිය සලකුණ යොදා ගනිමින් එම පෝස්ටුව සකස් කර තිබිණි.

එහි යොදාගෙන තිබූ ඡායාරූපය 2025.03.24  දින පැවැත්වුණු 25 වන අපනයනකරුවන්ගේ සංසදයේදී ලබාගත් ඡායාරූපයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී අපට තහවුරු විය. එය පසුදින (25) ඔහුගේ ගිණුමේ පළ කර තිබිණි.

ඒ ඔස්සේ මාර්තු 25 වන දිනෙන් පසු IRI News පළ කළ පුවත් අපි පරීක්ෂා කළෙමු. එහිදී මෙම පෝස්ටුව හෝ එම ඡායාරූපය යොදාගත් වෙනත් පෝස්ටුවක් හෝ එහි පළ කර නොමැති බව අපට නිරීක්ෂණය විය. අදාළ පෝස්ටුව Reverse Image Search හරහා පරීක්ෂා කිරීමේදී ද එවැන්නක් IRI News පළ කර නොමැති බව අපට තහවුරු විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශ ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තවත් උපහාසාත්මක පෝස්ටු කිහිපයක ද ඉහත පළ කිරීමට අදාළ irinewslk.com දිය සලකුණ සහිත ඡායාරූපය යොදාගෙන තිබිණි. එම පෝස්ටුවල අන්තර්ගතයන් උපහාසාත්මක ඒවා වූ අතර ඒවා ව්‍යාජ ලෙස සකස් කළ පෝස්ටු බව අපගේ විමර්ශනයේදී තහවුරු විය.

2025 අප්‍රේල් 11 දින හිරු Tv ප්‍රවෘත්ති ෆේස්බුක් හා යූටියුබ් නාලිකා ඔස්සේ පළ කළ චතුරංග අබේසිංහගේ කතාවක් ඇතුළත් වීඩියෝවක ශීර්ෂයෙන් දැක්වුණේ “අපි අමෙරිකාවෙන් ඉල්ලීම කරපු නිසා දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා – “කාලකන්නි බලන් හිටියේ ඒකට”” යනුවෙනි.

එම වීඩියෝවේදී ප්‍රකාශ වන කරුණු මෙසේය.

“ඒගොල්ලො බලාපොරොත්තු වුණා ඇමෙරිකාවෙන් ගහපු බද්ධ නිසා මේ සතියේ ඉඳලා ඇඟලුම් කර්මාන්ත ටික වැහිලා යයි කියලා. කාලකන්නි බලන් හිටියේ ඒකට. ඒකට අපි අවශ්‍ය කරන ඉල්ලීම අපි කරල තිබ්බ. ඒ නිසා දැන් අපට දවස් අනූවක කාලයක් ඇවිත් තියෙනව සාකච්ඡාවට”.

එම වීඩියෝ මෙතැනින් හා මෙතැනින්.

ඉහත වීඩියෝව මූලාශ්‍ර කරගෙන Newshub.lk පළ කළ පුවත් සේයාරුවක ශීර්ෂයෙන් දැක්වුණේ, “දින 90ක බදු සහන කාලයක් ඇමරිකාව ලබාදුන්නේ අපි කරපු ඉල්ලීමට” ලෙසය.

එම පුවත මෙතැනින්.

මෙම පුවත් ශීර්ෂයන් තුළින් මුල් අදහස විකෘති කරන බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කරන පසුබිමක එම පුවතට අදාළ සංස්කරණය නොකළ මුල් වීඩියෝව අපි පරීක්ෂා කළෙමු.

එය මෙතැනින්.

එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ, “අපි පැහැදිලිව මේකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම වෙච්ච හානියක්. ඒකට අපි අවශ්‍ය කරන ඉල්ලීම අපි කරල තිබ්බ. ඒ නිසා දැන් අපට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනව සාකච්ඡාවට. ඒක රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ආණ්ඩුව ඉතාම අවබෝධයෙන් කරපු වැඩපිළිවෙළක්”. යනුවෙනි.

ඒ අනුව ඉහත ශීර්ෂයන් වෙතින් මුල් අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කරන බැවින් ඒවා අසත්‍ය සටහන් ලෙස FactSeeker තහවුරු කරයි.

ඉහත පළකිරීම් ඇතුළු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ උපහාසාත්මක පෝස්ටු ගණනාවක් සම්බන්ධයෙන් චතුරංග අබේසිංහ සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් තුළින් හා FactSeeker වෙත යොමු කළ නිවේදනයක් මගින් ඒවා ව්‍යාජ පෝස්ටු බවට දක්වා තිබිණි.

එහි ෆේස්බුක් පළකිරීම මෙතැනින්.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection