Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ශ්‍රී ලංකාවේ ගංවතුර යැයි සඳහන් නොමග යවන වීඩියෝ කිහිපයක්.

Misleading
Misleading

කාලගුණික තත්ත්වයේ ඇති අස්ථාවර බව හේතුවෙන් පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුලි කුණාටු සහ ගංවතුර තත්වයන් ඇති විණි.

by Anonymous |

දෙසැම්බර් 2, 2024

මේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ පුවත් පළ විය. මෙම පුවත් අතර මෙරට ගංවතුර තත්ත්යක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් සංසරණය වූ වීඩීයෝ කිහිපයක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

https://www.facebook.com/share/v/ydCPsaVUtetHJfYK/

https://vt.tiktok.com/ZSjb89AUM/

https://vt.tiktok.com/ZSjbLNthP/

මෙම වීඩීයෝවල අන්තර්ගතයන් අධ්‍යයනය කිරීමේදී එම රූප රාමු ශ්‍රී ලංකාවට අයත් ඒවා ද යන්න පිළිබඳව සොයා බැලීමට FactSeeker පියවර ගත්තේ ය. ඒ අනුව එම වීඩියෝවේ රූපරාමු කිහිපයක් ගෙන Google Reverse image හරහා නිරීක්ෂණය කළේ ය. එහිදී ලැබූ සෙවීම්  ප්‍රතිඵල අනුව  මෙම රූපරාමු ඉතාලියේ, පාකිස්ථානයේ හෝ වෙනත් රටකට අදාළ ඒවා බව දක්වමින් විවිධ රටවල සමාජ මාධ්‍යයන් හරහා ද හුවමාරු වී ඇති බව දක්නට ලැබුණි.

ඒ අනුව දිගින් දිගටම මේ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී රන් ආලේපිත විශාල බුද්ධ ප්‍රතිමාව හරහා ගංවතුර ගලා යන වීඩියෝව  නේපාලයේ චිට්වාන් ප්‍රදේශයේ සිදුවීමක් බව  හඳුනා ගැනීමට හැකි විය. එම ජලගැලීම පිළිබඳව 2024 සැප්තැම්බර් 28 වනදා Republica වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක් තුළින් තහවුරු කර ගැනීමට හැකි විය.

එම පළකිරීම: https://myrepublica.nagariknetwork.com/news/water-level-of-narayani-river-crosses-danger-mark

එසේම නිවාස පේළියක් මතින් ගලා යන විශාල ගවතුරක් සහිත වීඩියෝව අධ්‍යයනය කිරීමේදී එහි නිවාසවල සහ  ගස්වල ස්වභාවය අනුව එය ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණයන්ට සමාන නොවන බවත් එය යුරෝපා රටවලට සමාන බවත් හඳුනා ගැනීමට හැකි විය.

ඊට අමතරව, රතු පැහැති විශාල ගොඩනැගිල්ලක් අසලින් කළු පැහැති විශාල ජලගැල්මක් ඇති වන වීඩියෝව  ජපානයට අයත් වීඩියෝවක් බව හඳුනා ගැනීමට හැකි විය. එම වීඩීයෝවට අදාළ සත්‍ය සිදුවීම් පෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන CNN World හි පළ වූ වීඩියෝව FactSeeker ට හමු විය.

https://edition.cnn.com/videos/world/2021/07/03/japan-landslide-wang-ndwknd-vpx.cnn

එසේම මෙම වීඩියෝව ඉතාලියේ සිදුවූවක් බව සඳහන් කිරීම අසත්‍ය බවත් එය  ජපානයේ ගංවතුරක් බවටත් කරුණු තහවුරු කරන ලද වෙබ් ලිපියක් ද අපට හමුවිය. එම ලිපියේ සඳහන්  සොයා ගැනීම්වලින් පෙනී ගියේ මෙම දර්ශන 2021 දී ජපානයේ සිදු වූ මඩ නාය යෑමක් බවයි.

එම ලිපිය මෙතැනින්. https://factcheckhub.com/video-of-flooding-in-italy-shared-by-joe-igbokwe-is-from-mudslide-in-japan/

මේ අනුව ශ්‍රී ලංකාවේ ගංවතුර අවස්ථා ලෙස දක්වමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඉහත වීඩියෝ සියල්ලක්ම නොමඟයවනසුළු වීඩියෝ වන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection