Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

වාහන ගෙන්වීමට රජය තීන්දු කළා ද?

Factual
Factual

වසර කිහිපයකට පෙර නතර කරනු ලැබූ මෙරට වාහන ආනයනය 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට ආරම්භ කෙරෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු වූ පෝස්ටු FactSeeker ට නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

දෙසැම්බර් 12, 2024

ඉකුත් 2019 වසරේ සිට මෙරටට වාහන ආනයනය කිරීම රජය විසින් නවතා දමා තිබිණි.  කෙසේ වෙතත් ඉකුත්  ඔක්තොම්බර් මාසයේ සිට එම තහනම ඉවත් කරමින් ප්‍රමුඛතා පදනම මත අදියර 3ක් යටතේ වාහන ආනයනය කිරීමට ඉකුත් රජය විසින් කැබිනට් තීරණයක් ගෙන තිබිණි.

 

මේ සම්බන්ධයෙන් FactSeeker මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ වාහන ගෙන්වීමට පියවර ගන්නේ නම්, එය අදියර තුනක් යටතේ කිරීමට තීරණය කර ඇති අතර කඩිනමින් වාහන ආනයනය කිරීමට තීරණය කර නැති බවයි. වාහන ආනයනය කරන්නේ නම්, පළමුව  බස් රථ හා ලොරි රථ ගෙන්වන බව හෙතෙම සඳහන් කළේය.

ඔක්තෝබර් මාසයේදී වාහන ආනයනය කරන බවට පළවන සමාජ මාධ්‍ය පෝස්ටුවක්.

https://www.facebook.com/share/p/1KiiPbhLcH/

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඔක්තොම්බර් මස 08 වනදා ප්‍රකාශයක් කර තිබිණි.

එය මෙතැනින්

https://www.facebook.com/share/v/1BAc72Dd3H/

මෙහිදී ද ඔහු සඳහන් කර තිබු‌ණේ,  වාහන ගෙන්වීම සම්බන්යෙන් රජය තීරණය කර නැති බවයි.(ඔක්තෝබර් මාසය වන විට)

කෙසේ නමුත් නැවතත් මෙම වාහන ආනයනය කිරීමේ සූදානම පිළිබඳ සමාජ මාධ්‍ය වල පෝස්ටු සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය .

මේ සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය පෝස්ට් නිරීක්ෂණය කිරීමේදී පැහැදිළි වූයේ,  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ වාහන අලෙවි කරන සමාගම් විසින් 2025 වර්ෂය සඳහා වාහන මිලගණන් සහ ලියාපදිංචි කිරීම් ඇතුළත්ව සමාජ මාධ්‍ය වල පළකිරීම් හේතු වී ඇති බවයි.

එම සමාගම් පළ කර තිබූ මිල ගණන් පෝස්ටු මෙතැනින්

https://www.facebook.com/share/p/1EvNPAA6F4/

https://www.facebook.com/share/p/1Pt3vRNj5e/

මෙම පළකිරීම් තුළින් පැහැදිළි වූයේ,  පවතින වාහන මිලට සාපේක්ෂව අඩු මිලට වාහන ආනයනය කළ හැකි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා මතයක් ගොඩනැගී ඇති බව යි.

https://www.facebook.com/share/p/1B4Zb7MK2n/

https://www.facebook.com/share/p/1AtFwhCVQU/

මේ අනුව වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය පෝස්ටු සත්‍ය ද? යන්න පිළිබඳව Factseeker අධ්‍යයනයක යෙදුනෙමු.

ඒ අනුව Toyota Lanka සමාගම කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබුණේ, රජය ඒ සඳහා සූදානමක් ඇති බවක් නොදන්නා බවත් මෙය අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් ලෙස තම සමාගම විසින් ප්‍රචාරය කළ බවයි. එමෙන්ම පළකළ අලෙවි ප්‍රවර්ධන දැන්වීම්වල ලියාපදිංචි වන ලෙස දන්වා තිබුණේ, වාහන ගෙන්වීමට රජය නැවත තීන්දුවක් ගතහොත් ඒ සඳහා යම් ප්‍රමුඛත්වයක් ලබාදීමේ අරමුණ ඇතිව බවයි.

එම සම්මුඛ සාකච්ඡාව මෙතැනින් – https://youtu.be/qDbG12IYHWM?feature=shared

මේ සම්බන්ධයෙන් ඉකුත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ  පවසා සිටියේ, පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ගෙන්වන බවයි. රජය මේ වන විට වාහන ගෙන්වීමට අවස්ථාව සකසා දීමට එකඟ වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ද පසුගිය 08 දා (2024.12.08) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දක්වා තිබුණි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ, මෙය ක්‍රමානුකූලව අදියර කිහිපයක් යටතේ කෙරෙන බවයි.

බස් සහ ලොරි රථ පළමුව ගෙන්වීමට අදහස් කරගෙන සිටින බව ද දෙවනුව කැබ් රථ සහ වෑන්‍ රථ ගෙන්වීම සිදුකරන බවද එහි ප්‍රතිඵල සලකා බලා අනෙකුත් වාහන ගෙන්වන බව ඔහු සඳහන් කලේය. කෙසේ වෙතත් ඔහු සඳහන් කරන පරිදි රජයෙන් තවමත් නිවැරදිව තීරණයක් ලබා දී නොමැති බැවින් කිසිදු වෙනත් ආකාරයක තත්වයක් නොමැත. ගෙන ඇති එකම තීරණය පළමුව බස් රථ හා ලොරි රථ ගෙන්වීම බව ඔහු සඳහන් කළේය.

එය මෙතැනින් – https://www.facebook.com/share/p/1CaXysbXnp

දැනට වාහන ආනයනය සඳහා එවැනි කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නැති බවත් ඊට අදාලව ගැසට් පත්‍රයක් නිකුත් වී නැති බවත් සඳහන් කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා එක් වාහනයක් සඳහා සියයට 18ක වැට් බද්දට අමතරව තවත් බදු අය කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 09 වන දින දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, රජය විසින් සීමා සහිතව වාහන ආනයනයට ඉඩ දීමට බලාපොරොත්තු වන අතර එයින් ඕනෑම වාහනයක් ගෙන්වීමට ඉඩ ඇති බව අදහස් නොවන බවයි.

එය මෙතැනින් – https://www.facebook.com/share/r/1DMJ3Jo7uo/

ඒ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වනතෙක් රජය නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව FactSeeker අනාවරණය කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection