Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ලග්ගල ඇතා සම්බන්ධ වීඩියෝව AI නිර්මාණයක්

Factual
Factual

"ලග්ගල ඇතා බේරාගත් මෙහෙයුම" ලෙස සඳහන් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ඔක්තෝබර් 7, 2024

ඇතැම් අවස්ථාවල “ඇතුගලේ සිරවී සිටි සිරිකොත ඇතා” යනුවෙන් සටහන් කරමින් ද එම වීඩියෝව සංසරණය වූ අවස්ථා FactSeeker ට හමු විය.

ඒ සම්බන්ධ වීඩියෝ කිහිපයක් මෙතැනින්

https://www.facebook.com/share/v/RwwDgmcRBjLjm7ZF/

https://www.facebook.com/share/v/DH4gYkZyd9SxhUQb/

සම්පූර්ණ වීඩියෝව අවසානයේදී බේරාගත් ඇතා ලෙස නිරූපණය කරනුයේ අප්‍රිකානු සම්භවයක් සහිත ඇතෙකි. ඊට අමතරව තවදුරටත් වීඩියෝව  නිරීක්ෂණය කිරීමේදී අදාළ සිදුවීම අවට රැස් වී සිටින ජනතාව චීන සම්භවයක් සහිත අය බව දැකගත හැකිය. ඒ අනුව ද මෙම වීඩියෝව කෘතීමව නිර්මාණය කර ඇති බව  පැහැදිලි වේ. මීට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන කළ නිර්මාණ පරීක්ෂා කිරීමේ මෙවලම් වන brandwell.ai සහ sightengine.com වෙබ් අඩවි හරහා ද පරීක්ෂා කළ අතර එය 90%ක් ම කෘතීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ඇති බව තහවුරු විය.

මෙම වීඩියෝව සංසරණය වූ සමාජ මාධ්‍ය පිටුවල ඇතැම්  පුද්ගලයින් මෙය කෘතිම බුද්ධිය යොදාගෙන සිදු කරන ලද බව හඳුනාගෙන තිබූ නමුත් ඇතැම් පිරිස එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹී ඇති බව  අදහස් දැක්වීම් (Comment sections) නිරීක්ෂණය කිරීමේදී   FactSeeker හදුනා ගන්නා ලදී. එවැනි අදහස් දැක්වීම් කිහිපයක් පහතින්

මේ අනුව ලග්ගල ඇතා බේරගත් මෙහෙයුම යනුවෙන් සංසරණය වන වීඩියෝව කෘතීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection