Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රන්ජන් රාමනායක මුදල් ලබා දෙන බව පවසන වීඩියෝව පරණ කතාවක්

False
False

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සජීවීව පෙනී සිටිමින් මුදල් බෙදාදෙන බව ප්‍රකාශ කරන වීඩියෝ පෙළක් පසුගිය සති කිහිපය පුරා ෆේස්බුක් හරහා මුදාහැර තිබෙනු FactSeeker කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 30, 2024

ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට අපි තීරණය කළෙමු.

මෙම වීඩියෝවලට ඉහළින් සිරස්තලවල පහත සඳහන් පාඨයන් ඇතුළත් වී තිබිණි.

“මුලින්ම ආයුබෝවන් කියන 240 දෙනා, (Hello) මම ඔබට RS 100,000ක් දෙන්නම්, මම මෙතැන් සිට සැබෑ වන්නෙමි.”

“මුලින්ම ආයුබෝවන් කියන 240 දෙනා, (ආයුබෝවන්) මම ඔබට RS 100,000ක් දෙන්නම්/ මගේ aszus leptop එක මෙතැන් සිට සැබෑ වේවි.”

“පින්තූරයේ ඇති අංකය නිවැරදිව අනුමාන කරන පළමු 300 දෙනාට මම ටෙන්ජ් RS 100,000 ක් දෙන්නෙමි. ඒක ඇත්ත.”

එමෙන්ම, අදාළ වීඩියෝවලට අදහස් දක්වන පරිශීලකයින් වෙත එම Facebook පිටු මගින් පිළිතුරු (reply) ලබා දී තිබෙනු නිරීක්ෂණය විය.

ඒ “Hello <ගිණුමේ නම>! ඔබගේ පණිවිඩ දැන් පරීක්ෂා කරන්න. තෑග්ග ඔබ එනතුරු බලා සිටී” යනුවෙනි.

අදාළ සජීවී වීඩියෝ පිරික්සීමේදී තහවුරු වූයේ, ඒවා එකම වීඩියෝ පටයක් පුනරූපණය කරමින් විකාශය කෙරෙන බවයි. එම වීඩියෝව රන්ජන් රාමනායක බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි ආසන්න දිනක Instagram වෙත මුදා හැරි වීඩියෝවක් බව එහිදී තහවුරු විය.

ඒ අනුව රන්ජන් රාමනායකගේ නිල Instagram ගිණුම Factseeker පරීක්ෂා කළ අතර එහිදී මෙම සජීවී විකාශයට යොදා ගන්නා මුල් වීඩියෝව හමු විය. එය 2022 සැප්තැම්බර් මස 21 වනදා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඒ අනුව රංජන් රාමනායක මුදල් ත්‍යාග ලබා දෙන බව සඳහන් වන වීඩියෝව රන්ජන් රාමනායක මෑතකදී කළ සජීවී වීඩියෝවක් නොවන බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection