Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

රන්ජන් රාමනායක මුදල් ලබා දෙන බව පවසන වීඩියෝව පරණ කතාවක්

False
False

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සජීවීව පෙනී සිටිමින් මුදල් බෙදාදෙන බව ප්‍රකාශ කරන වීඩියෝ පෙළක් පසුගිය සති කිහිපය පුරා ෆේස්බුක් හරහා මුදාහැර තිබෙනු FactSeeker කළේ ය.

by Anonymous |

සැප්තැම්බර් 30, 2024

ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට අපි තීරණය කළෙමු.

මෙම වීඩියෝවලට ඉහළින් සිරස්තලවල පහත සඳහන් පාඨයන් ඇතුළත් වී තිබිණි.

“මුලින්ම ආයුබෝවන් කියන 240 දෙනා, (Hello) මම ඔබට RS 100,000ක් දෙන්නම්, මම මෙතැන් සිට සැබෑ වන්නෙමි.”

“මුලින්ම ආයුබෝවන් කියන 240 දෙනා, (ආයුබෝවන්) මම ඔබට RS 100,000ක් දෙන්නම්/ මගේ aszus leptop එක මෙතැන් සිට සැබෑ වේවි.”

“පින්තූරයේ ඇති අංකය නිවැරදිව අනුමාන කරන පළමු 300 දෙනාට මම ටෙන්ජ් RS 100,000 ක් දෙන්නෙමි. ඒක ඇත්ත.”

එමෙන්ම, අදාළ වීඩියෝවලට අදහස් දක්වන පරිශීලකයින් වෙත එම Facebook පිටු මගින් පිළිතුරු (reply) ලබා දී තිබෙනු නිරීක්ෂණය විය.

ඒ “Hello <ගිණුමේ නම>! ඔබගේ පණිවිඩ දැන් පරීක්ෂා කරන්න. තෑග්ග ඔබ එනතුරු බලා සිටී” යනුවෙනි.

අදාළ සජීවී වීඩියෝ පිරික්සීමේදී තහවුරු වූයේ, ඒවා එකම වීඩියෝ පටයක් පුනරූපණය කරමින් විකාශය කෙරෙන බවයි. එම වීඩියෝව රන්ජන් රාමනායක බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි ආසන්න දිනක Instagram වෙත මුදා හැරි වීඩියෝවක් බව එහිදී තහවුරු විය.

ඒ අනුව රන්ජන් රාමනායකගේ නිල Instagram ගිණුම Factseeker පරීක්ෂා කළ අතර එහිදී මෙම සජීවී විකාශයට යොදා ගන්නා මුල් වීඩියෝව හමු විය. එය 2022 සැප්තැම්බර් මස 21 වනදා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඒ අනුව රංජන් රාමනායක මුදල් ත්‍යාග ලබා දෙන බව සඳහන් වන වීඩියෝව රන්ජන් රාමනායක මෑතකදී කළ සජීවී වීඩියෝවක් නොවන බව Factseeker තහවුරු කරයි.

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ඇමෙරිකාවෙන් බදු සහනයක් ගැනීමට ගිය ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව ද?

ජූලි 1, 2025

යළි භාවිතයට නිර්දේශ කළ ඖෂධය කෙහෙළියගෙ බාල බෙහෙත නෙවෙයි

ජූනි 3, 2025

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

ජූනි 2, 2025

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

මැයි 27, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection