Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

දුප්පත් දමිළ සිසුන් 25000 කට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන බව කියන කතාව ඇත්ත ද?

False
False

ගෝලීය සමාගමක් වන Magicwood හි නිර්මාතෘ සහ SLIT Northern විශ්ව විද්‍යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ඉන්ද්‍රකුමාර් පත්මනාදන් විසින් ශ්‍රී ලාංකික සිසුන් 25 000 කට පමණ නොමිලේ අධ්‍යාපන අවස්ථා ලබා දෙන බවට සමාජ මාධ්‍යවල පෝස්ටු සංසරණය වන බව Fact Seeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ඔක්තෝබර් 14, 2024

මෙම පෝස්ටුවල සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ඉගෙනීමට පහසුකම් නොමැති දුප්පත් දමිළ සිසුන් 25 000 කට ඔවුන් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන බව සහ උපාධියෙන් පසු රැකියා අවස්ථා ද ලබා දෙන බවයි. එසේම මේ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක වන රම්බා සහ ඇගේ සැමියා වන ඉන්ද්‍රකුමාර් පත්මනාදන් බවයි.

මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී මෙය ඉන්දියානු You Tube නාලිකාවක් වන Trendy Spot හි මුල් වරට ප්‍රචාරය කර ඇති බව අනාවරණය විය.
පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මේ සම්බන්ධව පුවත් පළවී ඇත්දැයි සොයා බැලූ විට අනාවරණය වූයේ, එවැනි කිසිදු වාර්තා කිරීමක් නොමැති බවයි.

ඒ අනුව Fact Seeker විසින් මේ සම්බන්ධව Magickwood ආයතනයෙන් විමසීමක් කළේය. එහිදී එහි විධායක නිලධාරියෙකු වන බ්‍රේවෝ හැන්ඩි සඳහන් කළේ, මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් සිසුන් 25 000කට නොමිලේ අධ්‍යාපනය ලබා දීම අතිශයින් අභියෝගාත්මක කාර්යයක් බවත් ය. නමුත් සීමිත සිසුන් පිරිසකට එවැනි අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධව Fact Seeker තවදුරටත් කරුණු විමර්ශනය කර බැලීමේදී ඉන්ද්‍රකුමාර් පත්මනාදන් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සොයා ගැනීමට හැකි විය.
යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට නොහැකි සිසුන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කිරීම සඳහා SLIIT Northern විශ්වවිද්‍යාලය පිහිට වූ බව ඔහු එහිදී සඳහන් කරයි. එමෙන්ම එය ඉදිරියේදී 20 000 ක සිසුන් ප්‍රමාණයකට පහසුකම් සැලසීමේ හැකියාව ඇති උතුරු පළාතේ මීළඟ අධ්‍යාපන හා තාක්ෂණික මධ්‍යස්ථානය බවට පත්වීම ඔවුන්ගේ අරමුණ බවද මෙහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

https://shorturl.at/GwgJp](https://shorturl.at/GwgJp)

මේ අනුව ශ්‍රී ලංකාවේ දමිළ සිසුන් 25 000කට නොමිලේ අධ්‍යාපන අවස්ථා ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව Fact Seeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection