Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනපති අනුරගේ මව හෙලිකොප්ටරයකින් කොළඹට රැගෙන ආවාද?

False
False

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මවගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙලිකොප්ටර් යානයකින් පැමිණි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පෝස්ටු සංසරණය වෙයි.

by Anonymous |

දෙසැම්බර් 24, 2024

ජනාධිපතිවරයාගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට රැගෙන එනු ලැබූවේ ගුවන් යානයකින්  බවද ඇතැම් පෝස්ටුවල සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරයාගේ මව රජයේ රෝහලක සාමාන්‍ය රෝගියෙක් මෙන් ප්‍රතිකාර ලැබීම පිළිබඳව පැසසුමට ලක් වී ඇති අවස්ථාවක මෙම සමාජ මාධ්‍ය පෝස්ටු සත්‍ය ද ? යන්න පිළිබඳව FactSeeker සොයා බැලීය.

මෙම වීඩියෝව සුපරික්ෂාකාරීව පිරික්සීමේදී එහි ගිනි නිවන හමුදාවේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ඇඳසිටි පිරිසක් නිරීක්ෂණය විය. ඒ අනුව එය යම් පිරිසකගේ සහභාගීත්වයක් සහිතව සිදු වූවක් බව තහවුරු විය.

ඒ ඔස්සේ තවදුරටත් පරික්ෂා කිරීමේදී ඒ පිළිබඳව Hiru නාලිකාවේ  විකාශය වූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය හරහා ඔස්සේ පළ කරන ලද වීඩියෝවක් සොයා ගැනීමට හැකිවිය.

https://www.facebook.com/watch/?ref=embed_video&v=1795228264572704

ඒ අනුව මෙය දෙසැම්බර් 16 වන දින ගුවන් හමුදාවේ  ගිනි නිවීමේ සේවයේ නියුතු වූවන්ට ලබා දෙන පුහුණු අවස්ථාවක වීඩියෝවක් බව තහවුරු විය.

එමෙන්ම මේ සම්බන්ධව ගුවන් හමුදා ගිනි නිවීමේ හා ගලවාගැනීමේ සේවයේ නිල ෆේස්බුක් පිටුව හරහා ද විස්තරාත්මකව දක්වා තිබුණි.

https://www.facebook.com/share/v/1ETdka8F9m/

මේ සම්බන්ධයෙන් ලංකා පුද්ගලික රෝහලෙන් කළ විමසීමේදී එහි කාර්ය භාර නිලධාරිවරයා පවසා සිටියේ ජනාධිපතිවරයාගේ මව සිය රෝහලේ ප්‍රතිකාර නොලබන බවයි.එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ද ලංකා රෝහල වෙත නොපැමිණි බව හෙතෙම සඳහන් කළේ ය.

ඒ අනුව ජනාධිපතිවරයා තම මව බැලීම සඳහා හෙලිකොප්ටර් යානයකින් පැමිණි බව සහ ජනාධිපතිවරයාගේ මව අනුරාධපුරයේ සිට නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල වෙත හෙලිකොප්ටරයකින් ගෙන ආ බව සඳහන් පෝස්ටු සාවද්‍ය ය.

මෙම  වීඩියෝව ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සෙබලුන් සඳහා ලබා දෙනු ලැබූ පුහුණු අභ්‍යාසයක දී ගන්නා ලද වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection