කෘත්‍රිම බුද්ධියෙන් කළ නිර්මාණ ද?
"වැල්ලේ යකඩ ගැහැණියගේ හැකියාව" සහ "අනුරාධපුර කොල්ලෙක් මැටිවලින් කරපු නිර්මාණයක්" යනුවෙන් වැලිවලින් සහ මැටිවලින් නිර්මාණ කරන කාන්තාවක් සහ කුඩා දරුවෙකුගේ ඡායාරුප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
by Anonymous |
ඔක්තෝබර් 10, 2024
එවැනි පළ කිරීම් කිහිපයක් මෙතැනින් –
https://www.facebook.com/share/p/oq1WDTLRQhMfSPHL/
https://www.facebook.com/story.php/?story_fbid=122106252176534474&id=61566034243080&_rdr
සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිපදෙනෙකු FactSeekerගෙන් කළ ඉල්ලීමකට අනුව මේ ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට FactSeeker කටයුතු කළේ ය. ඒ අනුව Google reverse image හරහා මීට සමාන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනු FactSeeker සොයාගත් අතර එවැනි පළකිරීම්වල ඇතැම් විට මේවා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති බව සඳහන් කර තිබුණි.
නමුත් ඇතැම් පළ කිරීම් පුද්ගලයින් නොමග යවන සුළු ශීර්ෂ පාඨ යටතේ පළ කර ඇති අතර බොහෝ පරිශීලකයින් එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹී ඇති බව අදහස් දැක්වීම් (Comment sections) නිරීක්ෂණය කිරීමේදී FactSeeker පැහැදිළි විය.
මෙම ඡායාරූප කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් කරන නිර්මාණ ද යන්න පිළිබඳ හඳුනා ගැනීමට ඇති aiornot.com සහ isitai.com මෙවලම් හරහා නිරීක්ෂණය කළ අතර එහිදී 90% කට වැඩි ප්‍රතිශතයක් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මිත බවට තහවුරු විය.
මේ “වැල්ලේ යකඩ ගැහැණියගේ හැකියාව” සහ “අනුරාධපුර කොල්ලෙක් මැටිවලින් කරපු නිර්මාණයක්” යනුවෙන් සඳහන් කරමින් වැලි වලින් සෑදූ මෙසිගේ ආකෘතිය සහ කාර් රථයේ ආකෘතිය සහිත ඡායාරූප AI නිර්මාණ බව FactSeeker තහවුරු කරයි.