Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඇමෙරිකාවෙන් බදු සහනයක් ගැනීමට ගිය ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව ද?

False
False

අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද අන්‍යෝන්‍ය බදුවලින් (Reciprocal Tariffs) සහනයක් ලබා ගැනීම සඳහා එරට සමග සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

by Anonymous |

ජූලි 1, 2025

මෙම තීරුබදු පැනවීම ආසියාවේ තවත් රටවල් කිහිපයකට බලපෑ ප්‍රශ්නයක් වූ බැවින් එම රටවල් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කෙරෙහි FactSeeker අවධානය යොමු කළේය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (30) පාර්ලිමේන්තුවේදී මීට අදාළව කළ ප්‍රකාශය මෙසේය.

එය මෙතැනින්.
https://www.youtube.com/live/iptHKt84Gdw?t=25403

“මේ වෙනකොට ආසියානු කලාපයෙන් අපි පමණයි එකම රට ඇමරිකානු එක්සත් ජනපදයත් එක්ක මේ ද්විපාර්ශ්වීය ගනුදෙනුවේ මේ බදු සහනය ලබාගැනීමේ සාකච්ඡාවේ ඉන්නේ. අපට දැනට තියෙන තොරතුරු මත ඉතාමත් වාසිදායක තත්ත්වයකින් ඒ කටයුත්තත් අවසාන කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.” යනුවෙන් ඇමතිවරයා එහිදී සඳහන් කරයි.

2025 අප්‍රේල් 02 වන දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙළෙඳ පරතරය මත පදනම් වූ සූත්‍රයක් භාවිත කරමින්, එක්සත් ජනපදය සමග වෙළෙඳ හිඟයක් ඇති රටවල් ඉලක්ක කර ගත් “අන්‍යෝන්‍ය බදු” ප්‍රකාශයට පත් කළේය. පසුගිය අප්‍රේල් 09 වන දින සිට බලපැවැත්වීමට නියමිත වූ එම තීරුබදු බොහෝ රටවල් සඳහා 10%කින් ආරම්භ වූ අතර, රටවල් 57ක් සඳහා ඉහළ අගයන් පනවනු ලැබීය. පසුව මේ සඳහා බොහෝ රටවලට දින 90ක විරාමයක් ලබා දෙන ලදී.

එක් එක් රටවලට පැනවූ බදු ප්‍රතිශතයන් සහ එම බදු ගණනය කළ ආකාරය පිළිබඳ BBC Verify  කළ සංඛ්‍යා සොයාබැලීමක් මෙතැනින්.
https://www.bbc.com/sinhala/articles/cp91n854ervo

මෙසේ තීරුබදු පැනවූ ආසියානු රටවල් අතරට කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, තායිලන්තය, චීනය, ඉන්දුනීසියාව, තායිවානය, පකිස්ථානය, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය, ලාඕසය, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල් ඇතුළත් වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් රටවල් බොහොමයක් එක්සත් ජනපදය සමග සාකච්ඡා ආරම්භ කළ අතර ශ්‍රී ලංකාව ද ඒ අතර විය.

නව අන්‍යෝන්‍ය බදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳව අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය අප්‍රේල් 03 වනදා කමිටුවක් පත් කළේය. පසුව මෙරටට පැනවූ බදු පිළිබඳව එක්සත් ජනපද පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව මෙරට රජය නිවේදනය කළේය. අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) කළ ආරාධනයකට අනුව මෙරට දූත පිරිසක් වොෂින්ටන්හිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

https://economynext.com/sri-lanka-engaging-with-us-on-tariffs-after-second-round-of-talks-minister-223885/

ශ්‍රී ලංකාවට අමතරව වෙනත් ආසියාතික රටවල් එක්සත් ජනපද පරිපාලනය සමග අන්‍යෝන්‍ය බදු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේද යන්න අපි සොයා බැලුවෙමු.

ජපානය විසින් එක්සත් ජනපදය සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා වට හතක් සිදු කර ඇත.

https://www.japantimes.co.jp/business/2025/06/28/economy/japan-us-tariff-talks-july-deadline/

වියට්නාමය මේ සඳහා එක්සත් ජනපද නිලධාරීන් සමග සාකච්ඡා වට තුනක් පවත්වා ඇත.

https://www.businesstimes.com.sg/international/asean/vietnam-says-narrowing-gap-us-trade-talks

මැලේසියාව ද එක්සත් ජනපද වෙළෙඳාම හා සම්බන්ධ නිලධාරීන් සමග සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

https://thediplomat.com/2025/06/malaysian-trade-minister-to-visit-washington-for-second-round-of-tariff-talks/

තායිලන්තය මෙම සතියේදී එරට මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් එක්සත් ජනපදය වෙත පිටත් කිරීමට නියමිතය.

https://www.nationthailand.com/business/economy/40051930

දකුණු කොරියාව නව පරිපාලනය පසුගිය සතියේදී එක්සත් ජනපදය සමග ඔවුන්ගේ පළමු ජ්‍යේෂ්ඨ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා පවත්වා ඇති අතර, තෙවන වටයේ වෘත්තීය මට්ටමේ තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇත.

https://www.reuters.com/world/asia-pacific/south-korea-says-seeking-extension-us-90-day-tariff-pause-2025-06-30/

ඉන්දීය රජයද නව අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග වෙළෙඳ සාකච්ඡා පවත්වන අතර, දින 90ක විරාමය අවසන් වීමට පෙර යළි වොෂින්ටනය බලා යාමේ සූදානමක් පවතී.

https://www.reuters.com/world/india/india-us-trade-talks-face-roadblocks-ahead-tariff-deadline-indian-sources-say-2025-06-26/

බංග්ලාදේශය ද මීට අදාළව සාකච්ඡා පවත්වා ඇත.

https://www.thedailystar.net/business/news/bangladesh-follow-wto-mechanism-deal-trump-tariff-3919701

මෙයින් නිරීක්ෂණය වන්නේ, ශ්‍රී ලංකාවට අමතරව තවත් ආසියාතික රටවල් කිහිපයක්ම අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් එරට සමග ද්විපාර්ශ්වීයව මෙන්ම විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බවයි.

තවද, ආචාර්ය අනිල් ජයන්ත පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අපට හමු විය. එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ ඒ වන විට ආසියානු කලාපයේ මෙම තීරුබදු සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජනපදයට ගොස් තිබෙන්නේ ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් පමණක් බවයි.

එම ප්‍රකාශය මෙතැනින්.
https://www.youtube.com/watch?t=106&v=dFlWWbEkwEE

මේ අනුව, අමෙරිකානු ජනාධිපතිවරයා පැනවූ අන්‍යෝන්‍ය බදුවලින් සහනයක් ලබා ගැනීම සඳහා එරට සමග සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කළ ප්‍රකාශය අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection