අසත්‍ය හා දුස් තොරතුරු ඉදිරි මැතිවරණවලදී තර්ජනයක් විය හැකියි.
වැරදි තොරතුරු සහ ව්‍යාජ පුවත් පැතිරීම ඉදිරි වසර දෙක තුළ ගෝලීය වශයෙන් අපේක්ෂා කරන බරපතල තර්ජනයක් වනු ඇති බව ලෝක ආර්ථික සංසදයේ 2024 ගෝලීය අවදානම් වාර්තාව අනතුරු අගවයි.
by Anonymous |
ජනවාරි 31, 2024
ලොව පුරා ජනතාව මැතිවරණ වර්ෂයකට 2024 වසරේදී මුහුණ දෙන අතර එහිදී මුහුණ දෙ බරපතල තර්ජනයක් වන්නේ, අසත්‍ය හා දුස් තොරතුරු හුවමාරු වීම බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
ආර්ථික, පාරිසරික, භූ දේශපාලනික, සමාජයීය හා තාක්ෂණික අවදානම් ඇතුළු සාධක 34 ක් ඇතුළත් ශ්‍රේණිගත කිරීම මත පදනම් ව ඉදිරි වසර 02 තුළ
ලෝක ආර්ථික සංසදයේ 2024 ගෝලීය අවදානම් වාර්තාවට අනුව පෙර නොවූ විරූ මැතිවරණ වර්ෂයක ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධානතම තර්ජනයක් වනුයේ ව්‍යාජ තොරතුරු බව විශේෂඥයෝ පවසති. ආර්ථික, පාරිසරික, භූ දේශපාලනික, සමාජීය සහ තාක්ෂණික අවදානම් ඇතුළු සාධක 34ක් ඇතුළත් ශ්‍රේණිගත කිරීම මත පදනම්ව, ඉදිරි වසර දෙක තුළ විශ්ලේෂණය කරන ලද රටවල් තෝරාගැනීමේදී වැරදි තොරතුරු සහ ව්‍යාජ පුවත් පැතිරීම මූලික තර්ජනය වනු ඇති බව පෙන්වා දෙයි.
ගෝලීය අවදානම් ශ්‍රේණිගත කර ඇත්තේ කෙටි කාලීන සහ දිගු කාලීන බරපතලකම මත ය. මෙම කෙටි කාලීන තර්ජන අතර ඉදිරි වසර දෙක තුළ ඇති වන තර්ජන අනුව හඳුනා ගැනේ. ඒ අතර සාවද්‍ය තොරතුරු සහ අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳ ප්‍රශ්නයයි. මීළඟ තර්ජන වන්නේ ආන්තික කාලගුණික සිදුවීම්, සමාජ ධ්‍රැවීකරණය, සයිබර් අනාරක්ෂිතභාවය, අන්තර් කලාපීය සන්නද්ධ ගැටුම්, ආර්ථික අවස්ථා නොමැතිකම, උද්ධමනය, ස්වේච්ඡා සංක්‍රමණය, ආර්ථික පරිහානිය සහ පරිසර දූෂණයයි.
ආන්තික කාලගුණික සිදුවීම්, භූ-පද්ධතිවල සැලකිය යුතු වෙනස්කම්, ජෛව විවිධත්වය අහිමි වීම සහ පාරිසරික හානිය, ස්වභාවික සම්පත් හිඟය, වැරදි තොරතුරු සහ ව්‍යාජ පුවත් පැතිරීම, AI තාක්ෂණයන්හි ඍණාත්මක බලපෑම්, ස්වයංසිද්ධ සංක්‍රමණය, සයිබර් අනාරක්ෂිත බව, ධ්‍රැවීකරණය සහ පරිසර දූෂණය සමාජීය දිගු කාලීන තර්ජන ලෙස ද ශ්‍රේණිගත කර ඇත.
මේ අතරින් වැඩිපුරම ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු පැතිර යන රට ලෙස ඉන්දියාව හඳුනාගෙන ඇත. සියලු අවදානම් අතර, බෝවන රෝග, නීති විරෝධී ආර්ථික ක්‍රියාකාරකම්, අසමානතාව සහ ශ්‍රම හිඟය යන කරුණුවලට වඩා වැරදි තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති ආක්‍රමණය ප්‍රමුඛත්වය ගෙන ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. බිලියන 1.4ක පමණ ජනගහනයක් සිටින ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය 2024 අප්‍රේල් සහ මැයි අතර පැවැත්වීමට නියමිතයි. පසුගිය 2019 මැතිවරණයේදී අසත්‍ය පුවත් සහ වැරදි තොරතුරු හුවමාරු වීම විශාල බලපෑමක් ඇති කළ බව පෙන්වා දෙන විද්වතුන් මෙවරත් මැතිවරණ සමයේ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු ඇති බව පවසති.
එසේම, Anchor Change Election Cycle Tracker සහ Statista හි අතිරේක පර්යේෂණ අනුව, 2024 ලොව පුරා රටවල් 60කට වැඩි ගණනක ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත ය. බිලියන 2ක් පමණ ඡන්දදායකයින් – දළ වශයෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් – මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2024 වසර සුපිරි මැතිවරණ වසරක් හෙවත් ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ වසරක් ලෙස නම් කර ඇති අතර ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, මෙක්සිකෝව, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි ජනාකීර්ණ රටවල මැතිවරණය මෙවර පැවැත්වෙනු ඇතැයි පැවැසේ. එබැවින් එම රටවල ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරු පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවේද මේ වසරේ මැතිවරණයට මුහුණ දීමට නියමිත ය. මෙවැනි පසුබිමක අසත්‍ය ප්‍රවෘත්ති පැතිරවීම සහ වැරදි පුවත් බෙදා හැරීම ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් විය හැකි බව මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
එල් සැල්වදෝරය, සෞදි අරාබිය, පකිස්ථානය, රුමේනියාව, අයර්ලන්තය, චෙක් ජනරජය, එක්සත් ජනපදය, සියෙරා ලියොන්, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ෆින්ලන්තය ද වැරදි තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්තිවල බලපෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව වාර්තා වේ. ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන්නේ ව්‍යාජ පුවත් පැතිරීම ඉදිරි වසර දෙක තුළ රටවල් මුහුණ දෙන නරකම අවදානම් 34 අතරට ශ්‍රේණිගත වනු ඇති බවත්, දිගු කාලීන තර්ජන වලින් පළමු හතර හෝ හයේ ව්‍යාජ ප්‍රවෘත්ති වල බලපෑම ඇති බවත්ය.
ලෝක ආර්ථික සංසදයේ විශ්ලේෂකයින්ට අනුව: “මෙම මැතිවරණ ක්‍රියාවලීන්හි අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම, අලුතින් තේරී පත් වූ ආණ්ඩුවල සැබෑ සහ පිළිගත් නීත්‍යානුකූල භාවය, දේශපාලන නොසන්සුන්තාව, ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදයේ අවදානම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ගේ දිගුකාලීන පසුබෑම බරපතල ලෙස යටපත් කළ හැකිය. ” යන්න මෙම විශේෂඥයින්ගේ මතය වී ඇත.
මැතිවරණවලින් ඔබ්බට, මෙම ස්වඡන්දවාදය මහජන සෞඛ්‍යයේ සිට සමාජ සාධාරණත්වය දක්වා වූ ප්‍රශ්න පිළිබඳ මහජන කතිකාවත විනිවිද යමින් යථාර්ථය පිළිබඳ සංජානන තවදුරටත් ධ්‍රැවීකරණය කරයි. කෙසේ වෙතත්, සත්‍යය යටපත් වන බැවින්, දේශීය ප්‍රචාරණයේ සහ වාරණයේ අවදානම ද ඇත. අසත්‍ය සහ ව්‍යාජ තොරතුරුවලට ප්‍රතිචාර වශයෙන්, ඔවුන් “සත්‍යය” ලෙස තීරණය කරන දේ මත පදනම්ව තොරතුරු පාලනය කිරීමට රජයන්ට බලය පැවරිය හැකිය. අන්තර්ජාලය, මාධ්‍ය හා සම්බන්ධ නිදහස සහ පුළුල් පරාසයක තොරතුරු මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීම දැනටමත් ප්‍රතික්ෂේප වී ඇති බැවින් තොරතුරු අවහිර කිරීමේ න්‍යාය පුළුල් පරාසයක රටවල් තුළ ක්‍රියාත්මක වන බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ගත්ත ද වත්මන් රජය ගෙන ආ හදිසි නීතිය ආරක්‍ෂා කිරීමේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඉක්මවා යන අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඉතා නරක ලෙස බලපානු ඇතැයි විද්වතුන් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත්, අසත්‍ය ප්‍රවෘත්ති සහ වැරදි තොරතුරු වල ප්‍රතිවිපාක ද බලපාන බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ, දත්ත සත්‍යාපනය සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීම පැහැදිලි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ Factseeker ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව කටයුතු කරන අතර තවත් සමහර සංවිධාන ශ්‍රී ලංකාව තුළ ද මෙම මුලපිරීම සිදු කරයි.