Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අධික උණුසුමක් ගැන අවදානම් නිවේදනය අසත්‍යයි

False
False

උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අධි අවදානම් නිවේදනයක් බව දක්වමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වන පණිවිඩයක් FactSeeker අවධානයට යොමු විය.

by Anonymous |

අප්‍රේල් 30, 2025

එම වට්ස්ඇප් පණිවිඩ හා සමාජ මාධ්‍ය පෝස්ටු මගින් දැක්වුණේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අප්‍රේල් 29 සිට මැයි 12 දක්වා දැඩි උෂ්ණත්වයක් ඇති බවට අනතුරු අඟවමින්, 45°C සිට 55°C දක්වා උෂ්ණත්වයක් සහිත අධික තාපයක් පිළිබඳව අනතුරු අඟවා ඇති අතර, සෞඛ්‍ය අවදානම් වළක්වා ගැනීම සඳහා උදේ 10 සිට සවස 3 දක්වා ගෘහස්ථව රැඳී සිටින ලෙස ජනතාවට උපදෙස් දී තිබෙන බවයි.

සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බවට සඳහන් කරමින් මාර්ගෝපදේශ පෙළක් ද ඒ සමග දක්වා තිබේ.

FactSeeker මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශනයේදී මෙබඳු අවදානම් තත්ත්වයක් සම්බන්ධයෙන් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර නොමැති බව නිරීක්ෂණය විය. 2025.04.29 දින නිකුත් කළ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයෙන් ද එවැනි අනතුරුදායක තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් නොවීය.

FactSeeker මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩිගෙන් සිදු කළ විමසීමකදී ඇය සඳහන් කළේ අදාළ පෝස්ටුවල දැක්වෙන අන්දමේ අන්තරායක් මේ වන විට නොමැති බවත්, එවැනි අවවාදාත්මක නිවේදනයක් දෙපාර්තමේන්තුව නිකුත් කර නොමැති බවත්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

එමගින් දැක්වෙන්නේ සමාජ මාධ්‍ය හා අනෙකුත් විද්‍යුත් මාධ්‍යය හරහා මේ දිනවල සංසරණය වන දිවයිනේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දිවයින සහ ඒ අවට කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැය 24 පුරා අවධානයෙන් සිටින අතර ඉදිරි කාලගුණික තත්ත්ව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන නිල අනාවැකි සහ පූර්ව අනතුරු ඇවීම් පිළිබඳව පමණක් නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනය මගින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

කාලගුණය සම්බන්ධ යවත්කාලීන තොරතුරු සහ ඉදිරි කාලගුණය පිළිබඳ නිල නිවේදන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් සහ ෆේස්බුක් පිටුවෙන් ලබාගත හැකිය.

මේ පිළිබඳව FactSeeker තවදුරටත් සිදු කළ සොයාබැලීමේදී මෙම පණිවිඩයම වෙනත් දින වකවානු සහිතව ඉන්දියාවේද හුවමාරු වී ඇති බව අනාවරණය විය. ඉන්දීය කාලගුණ විද්‍යාඥයින් විසින්ද මේ පෝස්ටුවේ ඇතුළත් කරුණු ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව, උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අධි අවදානම් නිවේදනයක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු හා පණිවිඩ අසත්‍ය බව FactSeeker සනාථ කරයි.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection