කොටි ධේනුවකට පැටවුන් බිහි කිරීමට උපකාර කරන AI නිර්මාණයක්.

පැටවුන් බිහි කිරීමට ආසන්නව තැනිතලා භූමියක වැතිරී සිටින කොටි ධේනුවකට වෛද්‍ය කණ්ඩායමක් විසින් උපකාර කරන ආකාර දක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
පෙබරවාරි 6, 2025

එම වීඩියෝව මෙතැනින්: https://www.facebook.com/share/r/15pomfTr4P/
වීඩියෝවේ ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන සතුන්ගේ සහ වෛද්‍ය කණ්ඩායමේ පුද්ගලයන්ගේ චලනයන් හි යම් යම් වෙනස්කම්, අසාමාන්‍ය ලක්ෂණ පවතින බව FactSeeker නිරීක්ෂණය කළේය. එහිදී කොටි ධේනුව විසින් බිහි කළ පැටවුන් වීඩියෝවේ අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රමාණයෙන් වැඩී සිටින ආකාරය දැකගත හැකිය.
එසේම වෛද්‍ය කණ්ඩායමේ කාන්තාවගේ නිල ඇඳුම අවස්ථා දෙකකදී වර්ණ දෙකකින් දිස්වෙන ආකාරයත් ඔවුන් පැමිණි කැබ් රථය අවස්ථා දෙකකදී වර්ග දෙකකින් දිස්වීමත් නිරීක්ෂණය කළ හැකි විය.
තව දුරටත් සාමාන්‍ය මානව හැසිරීමකට වඩා එම වීඩියෝවේ සිටින පුද්ගලයින්ගේ මුහුණේ ඉරියව් වෙනස් වීම්, ඇස් සබඳතා නොමැති වීම ආදී අසාමාන්‍ය තත්වයන් නිරීක්ෂණය කිරීමෙන් මෙම වීඩියෝව ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් බවට ලක්ෂණ හඳුනා ගැනීමට හැකි විය.
නමුත් අදාළ වීඩියෝව සත්‍ය බවට පරිශීලකයින් බොහෝ දෙනෙකු විශ්වාස කර තිබෙන බව එම වීඩියෝවේ අදහස් පළ කිරීම් තුළින් දැක ගත හැකිය.
මේ නිසා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කළ නිර්මාණ හඳුනාගත හැකි වෙබ් අඩවියක් වන sightengine හරහා වීඩියෝවේ ඇතැම් අවස්ථා ඇතුළත් කරමින් නිරීක්ෂණය කරන ලද අතර එහිදී එම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) හරහා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කර ගැනීමට හැකි විය.
මේ අනුව කොටි ධේනුවකට පැටවුන් බිහි කිරීමට වෛද්‍ය කණ්ඩායමක් උපකාර කරන ආකාරය් දැක්වෙන වීඩියෝව කෘතීමබුද්ධිය යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවූරු කරයි.