කිලිනොච්චි, පරන්තන් ප්‍රදේශයේ දෙවියන් පහළ වූ බවට සමාජ මාධ්‍ය ජාලා තුළ පුවතක් පැතිර යමින් තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා කිලිනොච්චිය උමයියාල් පුරම් ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයෙකුට සිහිනයෙන් දෙවියන් වහන්සේ පෙනී සිට, “හෙට දින ඔබ යම් ස්ථානයක අසිරිමත් දසුනක් දැක මහා නිධානයක් ලබා ගන්නා,” බව ප්‍රකාශ කරන ලදැයි එම පුවතේ දැක්වේ.
පසුව බ්රහස්පතින්දා (25) ඔහු ගවයාට තණකොළ කැවීමට ගිය අවස්ථාවේදී ආලෝකයක් සමඟ පොළවෙන් මතු වූ අයියප්පන් පිළිමයක් දැක ඇත.
අදාළ සිද්ධිය පිළිබඳ වීඩියෝ පට ද ඇතැම් සමාජ මාධ්‍යවල හුවමාරු වේ.
නමුත් එම ස්ථානයට ගිය බොහෝ දෙනා කියා සිටියේ මෙය අසත්‍ය සිදුවීමක් බවය. අදාළ පුද්ගලයාට හමු වූ ප්‍රතිමාව වසර කිහිපයකට පෙර එහි තිබූ පිළිමයක් වන අතර, පෞරාණික ප්‍රතිමාවක් නොවන බව ඔවුහු පවසති.