ලිංගික ශ්‍රමිකයින් නොසලකා හැරීම සහ අමානුෂික ලෙසින් සැලකීම

55

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ගෙන් 73%ක් තම පවුලේ ඉහළම ආදායම් ලබන හෝ ප්‍රාථමික ආදායම් ලබන සාමාජිකයන් වන අතර ඔවුන්ගෙන් 60%ක් එකම ආදායම් ලබන අය බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

Sex Worker and Allies South Asia – Sri Lankan Chapter විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ තත්ත්වය – A National Report 2022 – 2023’ නම් පර්යේෂණ අධ්‍යයනයට අනුව, ශ්‍රමිකයන්ගෙන් 72% ක් ලිංගික රැකියාවෙන් සිය පවුල පෝෂණය කරන බව ද එම වාර්තාවේ සදහන් වේ.

සමීක්ෂණයට සම්බන්ධ වූ 45ක් දෙනා මෙම වෘත්තිය අනාරක්ෂිත බව සඳහන් කර ඇති අතර සියයට 23 ක් පවසා ඇත්තේ එය බොහෝ දුරට අනාරක්ෂිත රැකියාවක් බවය. මෙම ලිංගික ශ්‍රමිකයින්ගේ අනාරක්ෂිත බවට වගකිවයුත්තේ හෝටල් හිමිකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් යයි සියයට 20 ක් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම බලධාරීන් සංවිධානාත්මකව වෙනස්කම් කරමින් ලිංගික ශ්‍රමිකයින් ලිංගාශ්‍රිත රෝගවාහකයින් ලෙස ද සලකයි. මෙම වාර්තාවට අනුව පවුල් ඒකකය තුළ සියයට 60 ක එකම ආදායම් උපයන්නා ලිංගික ශ්‍රමිකයින් වන අතර සියයට 73 ක් මූලික ආදායම් උපයයි. ලිංගික වෙළදාමෙන් පවුල් ඒකකයක සාමාජිකයින් 3 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පෝෂණය වෙයි. තව ද මෙම වෘත්තියෙන් ලිංගික රැකියාවෙන් පවුල පෝෂණය කරන්නන් සියයට 72 ක් වෙති.

මෙම සමීක්ෂණයට අනුව සියයට 45 ක් අනාරක්ෂිතව රැකියාව කරන බව හෙළි වී තිබේ.

එමෙන්ම ලිංගික ශ්‍රමිකයින්ට සංවිධානාත්මකව වෙනස්කම් කිරීම සහ අමානුෂික ලෙස සැලකීමක් ද සිදු වේ. මොවුන් අත්අඩංගුවට ගැනීමකදී ලිංගික ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන ලෙස අධිකරණය නියෝග කරයි. මෙහි සියයට 70 ක් පමණ ලිංගාශ්‍රිත පරීක්ෂණ සදහා යොමු කර ඇත.

පොලිස් අත්අඩංගුවට පත් වූ විට පොලීසිය හෝ නීතීඥයා විසින් වරද පිළිගන්නා ලෙස බල කිරීමක් ද සිදුවන බව එම පර්යේෂණ වාර්තාවේ සදහන් වෙයි.

ලිංගික ශ්‍රමිකයින් යම්කිසි රෝග තත්ත්වයකදී රජයේ රෝහල්වල සායනයකට සහභාගී වීමේදී සියයට 66 ක්  වාචික අපයෝජනයට ලක් වන අතර සියයට 83 කට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් උපත් පාලන ද්‍රව්‍ය ලැබී නැත. මේ අතර මොවුන් පොලීසිය සහ රජයේ නිලධාරීන්ගේ ලිංගික අල්ලස් ගැනීම්වලට ද ලක් වේ.

 

Previous articleSri Lanka sex workers discriminated against and dehumanised, says study
Next articleபாலியல் தொழிலாளர்களை புறக்கணித்தல் மற்றும் மனிதாபிமானமற்ற முறையில் நடத்துதல்