වංචාකාරයින්ට අහුවෙන්න එපා – ජපානය ශ්‍රී ලාංකිකයින්ට කියයි

159

ජපාන භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ කිසිදු පුද්ගලික ටියුෂන් ආයතනයකට ජපාන රජය හෝ ජපාන රජයට අනුබද්ධ ආයතනයක් විශේෂ පිළිගැනීමක් ප්‍රදානය කොට නොමැති බව ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ජපාන රජය පිළිගත් ආයතනයක් බව පවසමින් ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව උගන්වන ඇතැම් පුද්ගලික ආයතන  ආයතන ව්‍යාජ ප්‍රචාරයන් ගෙනයමින් සිටින බව අනාවරණය වී ඇතැයි පවසන කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය, එවැනි කිසිදු ආයතනයකට තමන් සහතිකයක්, පිළිගැනීමක් හෝ අනුමත කිරීමක් ප්‍රදානය කොට නැති බව අවධාරණය කරයි.

එවැනි ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටී හොඳින් කරුණු සොයා බලා කටයුතු කරන මෙන්, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ජනතාවට උපදෙස් දී තිබේ.

Previous articleசதொசவின் பாரிய அளவிலான மோசடி மற்றும் துஷ்பிரயோகம் குறித்த அம்பலப்படுத்தல்
Next articleNo Private Language Centre in Sri Lanka Recognised, says Japan