යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පිටුපස “පුදුමෛ මාතා” පිළිරුවක් ස්ථාපනය කිරීමට සැරසෙන බව පවසමින් පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බව යාපනය රදගුරු මන්දිරය පවසයි.
FactSeeker කළ විමසීමකට පිළිතුරු දෙමින් යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී ජේ ජෙපරත්නම් සඳහන් කළේ, එසේ “පුදුමෛ මාතා” පිළිරුවක් ස්ථාපනය කිරීමේ උත්සවයක් පැවැත්වෙන බවට බෙදාහරිමින් තිබෙන අත් පත්‍රිකාව ව්‍යාජ එකක් බවය.
යාපනය දිස්ත්‍රික්කයේ රදගුරු ජස්‍රින් ඥානප්‍රකාශම් විසින් ලබන මැයි පළමු වෙනි දින යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල පිටුපස නව මාතා සරුපම් මැයි මස පළමු දින විවෘත කරන බව අදාළ පත්‍රිකාවේ සඳහන් වේ.
“පුදුමෛ මාතා පිළිම ස්ථාපන උත්සවය” නමින් පත්‍රිකාවක් ඉරිදා උදෑසන සිට සමාජ මාධ්‍යවල අවධානයට ලක්ව ඇති බව FactSeeker නිරීක්ෂණය කළ අතර, රදගුරු මන්දිරය පවසන්නේ ඒ සියලු කරුණු සත්‍යයෙන් තොර බවය.
ආගම් අතර සංහිඳියාව බිඳදැමීම සඳහා මෙවැනි ක්‍රියාවල යෙදෙන දුෂ්ඨ බලවේග පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද දේවගැති පී ජේ ජෙපරත්නම් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.