ආදිලිංගේශ්වරර් කෝවිලේ උද්ඝෝෂණය අවසන් කළ බවට ‘ව්‍යාජ ලිපියක්’

460

– ආර් යසී

වවුනියාවේ නැදුන්ගේනි ප්‍රදේශයට නුදුරින් වෙදුකුනාරි කඳුකර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික ආදිලිංගේශ්වරර් ශිව කෝවිල සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා ඇති බවට කෝවිලේ බලධාරීහු සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එයට එරෙහිව පසුගිය දින කිහිපයේ සිට ප්‍රදේශයේ මහජනතාව, දෙමළ දේශපාලන නායකයින් සහ විහාරස්ථාන කළමනාකාරීත්වය අඛණ්ඩව විරෝධතාවල නිරතව සිටියහ.

එම විරෝධතාවලට සමගාමිව ආදිලිංගේෂ්වරර් කෝවිල කඩා දැමීම හෙළා දකිමින් කෝවිලේ පාලනාධිකාරිය විසින් බ්‍රහස්පතින්දා (මාර්තු 30) උදෑසන 10.00ට වවුනියාවේ විරෝධතා පෙළපාලියක් සංවිධානය කරනු ලැබ තිබුණි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආදිලිංගේශ්වරර් කෝවිලේ ගැටලුවට විසඳුමක් ලබා දී ඇති බැවින් කෝවිලේ කළමනාකරණ කමිටුව එම විරෝධතාව අත්හැර දමා ඇති බවත්, මෙතෙක් එම විරෝධතාවයට සහභාගි වූ සහ සහයෝගය ලබා දුන් සියලු පාර්ශ්වයන්ට ස්තූතිවන්ත වන බවත් සඳහන් කරමින් ලිපියක් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් පවතී. ලිපියේ දැක්වෙන පරිදි එම ලිපිය නිකුත්කරනු ලැබ තිබෙන්නේ ආදිලිංගේශ්වරර් විහාරස්ථාන කළමනාකරණ කමිටුව විසිනි.

මේ සම්බන්ධයෙන් Factseeker ආදිලිංගේශ්වරර් කෝවිලේ දේශක වෛරමුතු පූබාලසිංහම් ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කෝවිලේ පාලනාධිකාරිය එවැනි ලිපියක් නිකුත්කර නොමැති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරෙමින් පවතින්නේ ව්‍යාජ ලිපියක් බවය.

මෙය කිහිප දෙනෙකුගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවට චෝදනා කළ දේශක වෛරමුතු පූබාලසිංහම්, සැලසුම් කර ඇති පරිදි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 ට වවුනියාවේදී විරෝධතා රැළිය පැවැත්වෙන බව විහාරස්ථානයේ පාලනාධිකාරිය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් පැවසීය.

Previous articleதாமதமாக சர்வதேச நாணய நிதியத்தை நாடியமையா பொருளாதார நெருக்கடிக்கு காரணம் ?
Next articleஆதிலிங்கேஸ்வரர் ஆலயத்தின் போராட்டம் முடிவுக்கு வந்ததாக “போலியான கடிதம்”