රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා තම නියෝජිතයෙක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ලේකම්වරයා සමග ඇති කර ගත් එකගතාවක් මත නොවන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
අදාළ වැඩවර්ජනය අත්හිටවනු ලැබුවේ, තම සංගමයේ ඉල්ලීම්වලට ජනාධිපති ලේකම්වරයා ලබා දුන් සාධනීය ප්‍රතිචාරය හේතුවෙන් බව ද වෛද්‍ය චමිල් විජේසිංහ FactSeeker කළ විමසීමකදී සඳහන් කළේය.
එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෙක් යැවීමට සැරසෙන්නේ යයි ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ සඳහන් ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් සාවද්‍ය බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.