පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය කොළඹදී ඉකුත් 26 දා පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල විණි.
එම විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී බිම ඇද වැටීමෙන්, තෙරපීමෙන් සහ කදුළු ගෑස් උණ්ඩ වැදීමෙන් විරෝධතාකරුවන් විසි අටදෙනෙකු රෝහල් ගත කළ අතර එක් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. තවත් අයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා දිගින් දිගටම පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අතර, ආර්ථික අර්බුදය හමුවේ රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැතිව රෝගීන් මිය යද්දී, ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවෙන් පෙළෙද්දී, විදුලිය, ජලය, ඉන්ධන, බස් හා දුම්රිය ගාස්තු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ දමමින් හැකි සෑම අංශයකින්ම බදු අයකරමින් ජනතාව පීඩාවට පත්කරමින් තිබියදී ජනතාව මර්දනය කිරීම පිණිස කඳුළු ගෑස් ගෙන්වීමට රජයට මුදල් තිබේද? යන්න බොහෝ ක්‍රියාධරයින් මතුකරන තර්කයකි.
විරෝධතාකරුවන් මර්දනය සඳහා කල් ඉකුත් වූ කඳුළු ගෑස් යොදා ගෙන තිබූ බව අරගලය පැවැති සමයේදී රජයට එල්ල වූ තවත් චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලිස්පතිවරයාට යොමු කළ තොරතුරු අයදුම්පතට පිළිතුරු ලබා දෙමින් පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත කර නොමැති බවය.
මේ වාතාවරණය තුළ කඳුළු ගෑස් ආග්‍රහණය වීම තුළින් ශරීරයට එල්ලවල බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට FactSeeker අවධානය යොමු කළෙමු.
ඇමෙරිකානු පෙනහළු සංගමය සහ ෆෝබ්ස් සඟරාව පවසන පරිදි කඳුළු ගෑස් අධි මාත්‍රාවක් ශරීරගත වීම තුළින් මරණය පවා සිදු වීමට ඉඩ ඇත.
FactSeeker සමග අදහස් දක්වමින් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර කියා සිටියේ, කඳුළු ගෑස් වායු දූෂණ ද්‍රව්‍යයක් බැවින් ඇදුම සහ ශ්වසන රෝගීන්ට එමගින් බරපතල සංකූලතා ඇතිවිය හැකි බවය. එමෙන්ම එය ආඝ්‍රාණය වූ විට ඇතිවන අපහසුතා පිළිබඳ දුම් පානය කරන්නන් සැලකිලිමත් විය යුතුය.
“කඳුළු ගෑස් අධි ප්‍රමාණයකින් ආඝ්‍රාණය වුවහොත් පපුවේ තද ගතියක් වගේම කැස්ස ද ඇති විය හැකියි. එම වායුව අධිමාත්‍රාවකින් ශරීර ගත වුවහොත් හුස්ම හිර වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකියි. ඇස්වල දැවිල්ල ඇති වී ඇස් බොඳ වී ගිලීමේ අපහසුතා ද ඇති විය හැකියි,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර සඳහන් කළේය.
“තමන්ට අසාත්මිකතා ඇත් නම් වාතයේ සංයුතිය වෙනස් වූ විට සංකූලතා ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වයකදී තමන්ට අපහසුතා පවතින්නේ නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. විශේෂයයෙන් ම එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත් වී මුහුණ සෝදා ගැනීම කළ යුතුයි.”
විශේෂයෙන්ම සංවෘත අවකාශයක් තුළ, දීර්ඝ කාලයක් හෝ කඳුළු ගෑස් අධි මාත්‍රාවකට නිරාවරණය වීම හේතුවෙන් අන්ධභාවය, ග්ලූකෝමා තත්වය, ශ්වසන පද්ධතිය ඇණහිටිම හේතුවෙන් මරුමුවට පත්වීම හෝ රසායනික වලින් උගුර සහ පෙනහලු දරුණු ලෙසින් පිළිස්සීම නිසා ක්ෂණයකින් මියයාම සිදුවිය හැකි බව, ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථාන ද පෙන්වා දී තිබේ.